අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය පළ කර තිබෙනවා. ඒ අනුව චීනය සහ ඇමරිකාව අගෝස්තු 12 වන දින සිට පහත ක්‍රියාමාර්ග සඳහා එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 2 වැනි දා පළ කළ අංක 14257 දරණ විධායක නියෝගයේ චීන භාණ්ඩ සඳහා පැනවූ අතිරේක තීරුබදු සංශෝධනය කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. එමෙන්ම අගෝස්තු මස 12 වැනිදා සිට චීන භාණ්ඩ සඳහා 24%ක තීරුබදු යළි දින 90කට අත්හිටුවීමට ඇමරිකාව එකඟත්වය පළ කර ඇති අතර අදාළ සෙසු භාණ්ඩ සඳහා 10%ක තීරුබදු පනවනු ලැබුවා.

ඒ සමග ම, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු පිළිබඳ කමිටුව පළ කළ 2025 වසරේ අංක 4 දරණ නිවේදනයට අනුව, අගෝස්තු 12 වැනිදා සිට ඇමරිකාවේ අතිරේක තීරුබදු පියවරයන්ට එරෙහිව ඇමරිකා භාණ්ඩ සඳහා පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු වන 24%, දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට චීනය යළි පියවර ගත්තා. එමෙන්ම දෙපාර්ශ්වයේ ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, ඇමරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටවනු හෝ අවලංගු කර ඇති බව ද වාර්තා වනවා.

මේ ඒකාබද්ධ නිවේදනය චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ තත්ත්වය පදනම් ව සම්පාදනය කර තිබෙනවා. දෙපාර්ශ්වයේ ජිනීවා හි පැවැත්වූ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ස්ථාපිත වූ යාන්ත්‍රණික රාමුව යටතේ මෙවර සාකච්ඡාව කැඳවූ බවද චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...