වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW:


ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ වර්ගයේ ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිෂේන්ද්‍රා සිල්වා හැරෙන්නට අන් සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් ලබා ගැනීමට සමත්වීම කැපී පෙණුනා.එහිදී පිරිමි හෙල්ල වීසි කිරීමේන් රුමේෂ් තරංග මීටර් 86.50 ක දක්ෂතාවයක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් දිනා ගත් රන් පදක්කම සහ සෘජුවම එම දක්ෂතා සමඟින් ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලැබීම හා සමානවම ලාංකේය මලල කීඩාවට මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම ලබා ගත් රන් පදක්කම ද වටිනවා.


අප මීට පෙර රුමේෂ් ගැන සටහනක් වෙනම තැබූ අතර මේ තරගාවලියේදී ඔහුත් මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමත් හැරුණු විට දිල්හානි ලේක්ම්ගේ හෙල්ල වීසි කිරීම ඉසව්වෙන් ලැබූ රිදී පදක්කමත්,චමත් යෝධසිංහ මීටර් 100 ඉසව්වෙන් ලැබූ රිදී පදක්කමත් ශ්‍රී ලංකාව ජය ගත් පදක්කම් ගොන්නට ඇතුළත් වෙනවා.මේ ජයග්‍රහණ අතරට රුමේෂ් රන් පදක්කම දිනා ගනිද්දි එම ඉසව්වෙන් සුමේධ රණසිංහ දිනා ගත් ලෝකඩ පදක්කමත් ඇතුළත් වෙනවා.


මේ පදක්කම් අතර ශ්‍රි ලංකාව දිනූ මීටර් 400 රන් පදක්කම රුමේෂ්ගේ රන් පදක්කමට එකතු වන වෙනත් ජය්‍රගාහී සාධක තරමටම වටින්නේ ඇයි ද කියන කාරණය ගැනත් අප සොයා බැලිය යුතුයි.
මෑත ඉතිහාසයේ මීටර් 400 පිරිමි ඉසව්ව සම්බන්ධයෙන් අප සතු ජයග්‍රාහිම මතකය ඇත්තේ ආසියානු ක්‍රීඩා උළෙලේ රදි පදක්කමයි.මේ පදක්කමට දායක වූ ක්‍රීඩකයින් තවමත් ධාවන පථයේ සිටිනවා.එසේම එම සංයුතියේ සිටි අරුණ දර්ශන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද නියෝජනය කරනු ලැබුවා.ඔහුත් අද වන විට ලංකාවේ අංක එකට සිටින අතර කාලිංග කුමාරගේ නම් ජ්‍යෙෂ්ඨ ධාවකයාත් තවමත් මුල් තිදෙනා අතර රැඳෙනවා.


එහෙත් මේ මීටර් 400 කණ්ඩායමට ආසියානු පදක්කම දිනූ අය සම්බන්ධ වන්නේ නැහැ.ඔවුන් තවමත් තරග පිටියේ සජීවීව සිටියත් ඔවුන් අභිබවා යා හැකි තරුණ බලයක් කණ්ඩායමක් හැටියට හඳුණා ගැනීමට හැකි වී තිබෙනවා.අරුණ සහ කාලිංග සහභාගි නොවීම සමඟම මේ ක්‍රීඩකයින් පෙළ ගැසෙන්නේ ඔවුනට පසුව සිටින වත්මනෙ හි දක්ෂයන් හැටියට වීමත් අමතක කළ නොහැකියි.
ඔමෙල් ද සිල්වා, සදෙව් රාජකරුණා, ඉනේෂ් දිස්මිත, කල්හාර ඉන්දුප සිල්වා යන මේ සිව්දෙනා සතුව ඇති ජවය අන් ක්‍රීඩකයන්ට සාපේක්ෂව වැඩි කාලයක් ආරක්ෂා කර ගත හැකි සහ සියුණු කළ හැකි බව ඔවුන්ගේ වයස විමසා බැලීමේදී පැහැදිළි කර ගත හැකියි.ඉනේෂ් දිස්මිත වයස 21 ක් වන අතර ඔමෙල් සහ සදෙව් තවමත් අවුරුදු 18 යි.මේ තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් මිටර් 400 තුළ කැපී පෙණුන ධාවනයක යෙදුණ කල්හාර ඉන්දුප තවමත් 19 වියැති තරුණයෙක්.


මෙවැනි මොහොතක හෙල්ල වීසි කිරීම ආකාරයටම විශේෂ කොට මේ ඉසව්ව හඳුනා ගතහොත් ඉතාම සමාන හෝ ආසන්න මට්ටමේ සිටින ජාතික මට්ටමෙන් කැපී පෙණෙන මීටර් 400 ධාවකයන් දහ දෙනෙක් සොයා ගැනිම අපහසු කාරණයක් නොවේ.මේ තරගකාරීත්වය සමඟම ඔවුන්ට ක්‍රීඩාවේ රැදී සිටීමේ අරමුණක් සහිත ගමණක් නිර්මාණය කිරීමට යම් අනුග්‍රාහක පදනමක් ද අවශ්‍යය කරනවා.ඒවා ජාතික වටිනාකමක් සහිත වැඩ සටහන්.


නමුත් පෙනෙන්නට ඇත්තේ හති වැටෙනකං දුවන- දිනන ළමයි පමණයි.ඔවුන්ගේ තරගකාරීත්වය,බලාපොරොත්තු ජයග්‍රහණ සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් දකින්නට නැහැ.
මෙම ඉසව්වම නියෝජනය කළ සුගත් තිලකරත්න අද නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නිසා එකල විශිෂ්ඨයන් තෝරා පහසුකම් දීමේදී ඔහුට සහ පුහුණුකරුට අන් සියල්ලට පසුව පහසුකම් ලැබීම සිහියට නැඟෙනවා ඇති.එසේම සුගත්ට පහසුකම් ලැබීම කියන කාරණය යටතේ ප්‍රවාහන පහසුකම සැකසීම තුළ ඔහු තුළ වූ පීඩනය කොතෙක් දුරට අඩු වුණේ ද යන්නත් මතක ඇති.ඔවුන් මේ පොළවෙන් එපිට වූ ජයග්‍රහණ නෙලා එන්නට පෙර ඒ සඳහා වන පහසුකම් සැපයීමේ ක්‍රමවේදය එම ජයග්‍රහණවල පදනම බව ද සුගත්ගේ මතකයේ තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.
සුගත්ගේ පන්නයේ හෙට දිහා විශ්වාසයෙන් බැලිය හැකි මීටර් 400 නඩයක් වගේම තවත් ඉසව්වල විශිෂ්ඨතා දක්වනු ඇතැයි සිතිය හැකි පිරිසක් ඉතාම පැහැදිළිව දකින්නට ඇත.ඉතිං කළ යුත්තේ කුමක්ද යන්න කියනවාට වඩා තමන්ට ඉදිරියට යාමට මඟ සැඳුනේ කෙසේද යන්න අත්දැකීම සුගත් සතුව තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.එවැනි සමහර දේ එවකට සිටි දේශපාලකයන් අතින් ඉටු නොවන තැන මාධ්‍ය විසින් පෙන්වා දුන් බවත් ඒ අනුව හිටපු බලධාරීන් තමන්ගේ අතපසුවීම් සහ අඩුපාඩු සකස් කර ගත් බවත් එහි ප්‍රතිපලය ඔලිම්පික් ජයග්‍රහණ දක්වා විහිදි ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා මාවත සැකසි යුගයක් නිර්මාණය කළ බවත් සුගත්ට මතක ඇති බව ද අපි සිතමු.


කණගාටුවෙන් වුව කිව යුතුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය මේ මොහොතේ සිටින්නේ ඇමතිවරයාගේ උපදේශක මිත්‍රයන්ගේ අවශ්‍ය්‍යතා අනුව ඔවුන්ගේ ක්‍රීඩාවල ව්‍යවස්ථාවේ සිටම සකසමින් අතීත වරදකරුවන්ගේ කුණු හෝදා ගැනීමට දිය අඟලවල් කැපීම වැනි තැනක මිස සුගත්ලා,සුසන්තිකාලා මතු වූ පොළවට ඇති ක්‍රීඩාවේ අවශ්‍යයතා නොසළකා හරින තත්ත්වයකය.
මේ සම්බන්ධයෙන් වසන්තාල හරිනිට විරුද්ධව සටන් කිරීමේ පටු කාරණාවන්ට වඩා ඉහළින් ක්‍රීඩාව ගැන සටන් කිරීමට අයිතියක් ඇති සහ වගකීමක් ඇති චරිතයක් හැටියට සුගත් මලල ක්‍රීඩාවේ අලුත් ප්‍රවනතා අනාගත ජයග්‍රහණ ගැන කල්පනා කරන්නේ නම් වැදගත්ය.බොහෝ අය ගමෙන් පැමිනි බව කෑ කටු තවමත් කියන්නේ වානිජමය ආකර්ශණයක් ඇති කර ගන්නට බව අපි දනිමු.ඒ අය සිටිය සෑම ආණ්ඩුවකම හිතවතුන්ව සිඳු කළේ තමන් පමණක් ගමේ අභාමානය ලෙස සුරැකී කොළඹ හිතවතුන්ගේ ක්‍රීඩාවේ උවමනාව වෙනුවෙන් පොළව සැකසීමය.ප්‍රභූ පැළන්තියේ සාමාජිකත්වයට රිසිව හැසිරීමය සහ එය විදීමය.


එහෙත් සුගත් එසේ නැතුව ඇතැයි අපි සිතමු.ප්‍රාථමික ශ්‍රේණිවල සිනිබෝල ඇහිදීමේ ජයේ සිටම විමලසුරෙන්ද්‍ර බලාගාරයේ සුළු රැකියාවකින් තමන්ගේ දෙපය ශක්තිමත් කරමින් ලෝකයට වටිනාකමක් ඇති කළ පියාගේ වෙහෙසේ අම්මාගේ ආදරයේ සිට සියළු දේ මතක ඇති සහ ඒ පරම්පරාවේ ඊළඟ පියවරට මුල පුරන්නට කාලයක සිට සිහින දකින සුගත්ට මේ හොඳම අවස්ථාවය.
ධාවන පථය අසළ සිට ඡායාරූප ගන්නා ධායාරූඵ මාධ්‍ය මිතුරෙකු එක් වරක් අපිට කීවේ සුගත් ගේ ධාවන වේගයේ සුළ කපා අරඹන ආකාරය ම්ම්ම් ශබ්දයක් නඟන බවය.ඒ සුළං කැපෙන වේගයෙන්ම සුගත්ට ක්‍රීඩාව වෙනුවෙන් යා යුතු ගමණක් ඇත.තවමත් මිනිස්සු ඔබේ දේශපාලනයට වඩා ආදරේ කරන්නේ ක්‍රීඩාවටය.දේශපාලනයට ද වැදගත් වන්නේ ඔබ ක්‍රීඩාවට දක්වන ආදරයය.අපි බලා සිටිමු.

මීටර් 400 පරිපාලන යෂ්ඨිය ඔබ කෙසේ භාර දෙනු ඇද්ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...