Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

Date:

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends, tech gadgets, social media trends, influencer styles, නවතම ලෝකයේ AI තාක්ෂණය මෙන්ම එකී නොකී මෙකී සියල්ලන්ගේම මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

අගෝස්තු 14, කොළඹ (LNW): දුටුවන් මවිත කරවන සෙලීනා ගෝමස්ගේ රූපලාවන්‍ය සන්නාමය වන Rare Beauty එහි ප්‍රථම සුවඳ විලවුන් වර්ගය වන Rare Eau de Parfum දියත් කර ඇති අතර එය දැන් Sephora සහ RareBeauty.com වෙතින් ලබා ගත හැකිය.

Rare Eau de Parfum යනු කැරමල්, පිස්ටාචියෝ සහ රෝස මුසු වුණ නෝට්ස් සමඟින් එන ආකර්ෂණීය, ස්පයිසස් සුවඳක් සහිත වැනිලා, ඉඟුරු සහ කොකෝවා වලින් අනූන, වෂී කරවන සුවඳක් සහිත විලවුන් වරගයකි.


එය පැය 12 කට වඩා කාලයක් සුවඳ පවතින විලවුන් වර්ගයක් වන අතර මිලි ලීටර් 50 බෝතලය ඇමරිකානු ඩොලර් 75 ක් පමණ වන බවයි ආරංචි වන්නේ.

rare eau de parfum
RARE EAU DE PARFUM: Courtesy of Rare Beauty
rare eau de parfum travel spray
RARE EAU DE PARFUM TRAVEL SPRAY: Courtesy of Rare Beauty

ගමන් බිමන් යාමේ දී සුවඳවත්ව යෑමට කැමති අය සඳහා, පහසුවට අතේ ගෙනයෑමට ද එහි ප්‍රමාණයක් පවතී, එය ඇමරිකානු ඩොලර් 30 ක් පමණ බව ද සැලකේ.

මෙහි මූලාරම්භයෙහි සිට අවසාන නිමැවුම දක්වා වසර දෙකක පමණ කාලයක් ගත වූ අතර, එම කාලයෙන් වැඩි කාලයක් සුවඳ විලවුන් සඳහා ergonomic බෝතල් නිර්මාණය කිරීම සඳහා කැප කරන ලදී.
බෝතලය විවෘත කිරීම ද ඉතා පහසු වනු ඇත.

දිගු කලක් Lupus රෝගයට එරෙහිව සටන් කළ සෙලීනා, එකළ ඇයට වතුර බෝතලයක් විවෘත කිරීම පවා ඇයට අපහසු වූ බව පවසා ඇත.

එය මනසේ තබාගෙන, ඇය පැහැදිලි කරන්නේ, “බෝතලයේ ඇඹරුම් සහ අගුළු යාන්ත්‍රණයක් සහිත බවත්, එපමණක් නොව එහි පියන ආරක්ෂිතව පවතින බවත් එය ලිහිල් නොවන බවත් සහතික වන බවයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...