අපරාජිතයන්ගේ හමුව හෙට

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වන්නට යෙදෙන පළමු පෙළ කාන්තා සීමිත පන්දු ඕවර් ක්‍රිකට් තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙක හැටියට සිටින චිලව් මේරියන්ස් කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම් වැලිසර නාවික හමුදා පිටියේදී අගෝස්තු 15 වන දා හමුවීමට නියමිතයි.දැනට ලකුණු ලබා ගැනීමේ වේගය මත නාවික හමුදාව ඉදරියෙන් සිටින අතර කණ්ඩායම් දෙකම තරග 7 ක් ක්‍රිඩා කර එම තරග 7 ම ජයගෙන ලකුණු 14 බැඟින් ලබා සිටිනවා.


චමරි අතපත්තු විසින් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව කරන ලද හුදෙකලා ප්‍රහාරය හේතුවෙන් ගුවන් හමුදා පන්දු යැවීමේ බල ඇණියට එරෙහිව චිලව් මේරියන්ස් කණ්ඩායමට ලකුණු 150 ක් දක්වා යාමට අවස්ථාව උදා වුණා.එම ලකුණු 150 න් ලකුණු 77 ක් ම ලබා ගනිමින් ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිස හත්වැනි කඩුල්ල ලෙස දැවී යන චමරි අතපත්තු ඉන් අනතුරුව සිය පන්දු යවන්නියන් නියමාකාරයෙන් මෙහෙයවමින් ගුවන් හමුදා පිතිකරු බලඇණිය ලකුණු 63 ට සීමා කරන්නට සමත් වුණා.සචින් නිසංසලා ලකුණු 3 ට කඩුලු 3 ක් සහ දෙව්මි විහංගා ලකුණු 6 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණුනා.චිලව් මේරියන්ස් කණ්ඩායමේ පසුපෙළ එක මිටට ගොඳුරු කර ගනිමින් රුචිනි සමරසිංහ කළ පන්දු යැවීම මේ තරගයේ දුටු හොඳම පන්දු යැවීම වූ අතර ඇය ලකුණු 10 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.


නාවික හමුදා කණ්ඩායම මේ දක්වා පැමිණි ජයග්‍රාහී ගමන් මඟේ තවත් පියවරක් තබමින් සීසීසී කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක් පහසු ජයක් වාර්තා කරන්නට සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් සීසීසී කන්ඩායම ලකුණු 84 ට සිමා කරන්නට නාවික හමුදා කණ්ඩායමට හැකි වුණා.සුභද්‍රා සවනි (31) සහ යශෝධා සේනාරත්න (28) සීසීසි ඉණිම වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කරද්දී පළපුරුදු නාවික නිලධාරිණිය පන්දු ඕවර් 10 ම යවමින් සීසීසී කඩුලු 3 ක් ගිල්වා හමාර කළා.සත්‍යා සංදීපනී ද ලකුණු 27 ට කඩුලු 3 ක් දවා ගනිමින් සීසීසී පිළ ලකුණු 84 සෙීමා කරන්නට පෙරමුණ ගනු ලැබුවා.
පිළිතුරු ඉණිමට පන්දු 56 න් ලකුණු 53 ක් නොදැවී එකතු කළ පළපුරුදු හසිනි පෙරේරා නාවික හමුදාව මුහුණ දුන් විසිවන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී කඩුලු දෙකක් දැවී ලකුණු 87 ක් කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...