ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW:

තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලිය නියෝජනය කරමින් තරගාවලියේ පිරිමි කේවල අංශයේ තෙවන වටය දක්වා පැමිණි ආශිංසන හේරත්ට සහ ජාතික සූර විරේන් නෙත්තසිංහට සිව්වන වටය දැකීමේ බලාපොරොත්තු අත හැර ගන්නට සිඳු වුණා.


ආශිංසන හේරත් ව 2-0 ක් ලෙස ඉන්දුනීසියානු ක්‍රීඩක රිචී දූටා රිකාඩෝ හමුවේ පරාජයට පත් වුණා.ලකුණු තත්ත්වය දැක් වුණේ 21-5 ක් සහ 21 – 13 ක් ලෙසයි.ජාතික සූර විරේන් නෙත්තසිංහ අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නේ වත්මන් අග්නිදිග ආසියානු බැඩිමින්ටන් සූරයා වන වියට්නාමය නියෝජනය කරන හේන් හ්ටූට් ඉදිරියේයි.ලකුණු සටහන 21 – 16 ක් සහ 21 – 9 ක් වූ එම තරගයෙන් නෙත්තසිංහ පරාජයවීමත් සමඟ ටොයෝටා තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...