නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW:

පසුගිය 12 වනදා රාත්‍රියේ නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය, හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

නුවරඑළිය, හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල්කර තිබූ NB – 8933 දරන බස් රථයට කිසියම් අයෙකු ඇතුළු වී එහි එංජිමේ මූඩිය ගලවා යූරියා පොහොර බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යයක් දමා ඇති බවට අදාල බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත .

බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා පොලීසියට පවසා ඇත්තේ, රාත්‍රී කාලයේ ගාල් කර තිබූ බස් රථය උදෑසන ධාවනය කිරීමට ප්‍රථම එංජිමේ තෙල් පරීක්ෂා කිරීම සඳහා එංජිමේ ආවරණය විවෘත කර බැලීමේදී එහි මූඩිය ගලවා තිබූ බවයි.

අදාල ස්ථානයේ සුදු පැහැති යූරියා පොහොරවලට සමාන ද්‍රව්‍යයක් වැටී තිබූ බවද ඔවුන් පොලීසිය හමුවේ පවසා තිබෙන අතර, ඒ අනුව අදාල බස් රථය පණ නොගන්වා නුවරඑළිය ඩිපෝව වෙත ඇඳගෙන යාමට ඩිපෝ කළමනාකාරවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...