සටහන – රුවන් නෙළුගොල්ල
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති ජයන්ත තිලකරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව, ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට භාරදී ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජයන්ත තිලකරත්න මහතා සඳහන් කර තිබුණේ සිය ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට කීමට අනවශ්‍ය බවකි.
ඔහු මෙම තනතුරට පත්වූයේ ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වූ අලුත, එනම් 2024 ඔක්තෝබර් මාසයේදී ය.
