ආණ්ඩුව දියත් කර ඇති ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමට පෙර නිලධාරීන් අනිවාර්යයෙන්ම එම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ දේශපාලන නියෝජිතයින් දැනුවත් කර ඔවුන්ව ද එම උත්සව සඳහා සහභාගී කරගත යුතු බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් එම වැව් ප්‍තිසංස්කරණ ව්‍යාපෘති තමන්ගේ ප්‍රතිපාදනවලින් කරන බව පවසා ප්‍රචාරණ කටයුතු සිදුකර ඇති අතර එවන් ස්ථානවල නිධන් හාරන බවට ද චෝදනා එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
”දැන් අපි මේ උත්සාහ කරන්නෙ, අපි මේ පොරබදන්නෙ මේකට මේවා පිළිවෙලට, ජනතාවත් එක්කත් අවබෝධයෙන් මේක හොඳට කරගන්න ඕනෙ නිසා. දැන් වැඩේ තියෙන්නෙ ව්‍යාපෘතිය පටන් ගන්නවා, ඉන්න මහජන නියෝජිතයා දන්නෙ නෑ. ඉතින් ආණ්ඩුවක් ඕනෙ නෑනෙ අපි ව්‍යාපෘතිවලටම දීගෙන යනවානෙ එහෙනම්. සමහර ඒවා මට කතා කරලා කිව්වාම අපේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ. ඒක අඩුම ගාණෙ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී අපි මේ වැව් ටික ලබන සතියේ පටන් ගන්නවා, ඊළඟ සතියේ පටන් ගන්නවා, ඒකට අහවල් අහවල් තැන්වල වැව් තියෙන්නෙ, මේ තැන්වල වැව් ටික පටන් ගන්නවා කියලා දැනුවත් වුණාම අඩුම ගාණෙ මන්ත්‍රීවරුන්ට පුළුවන්, ඒකට අදාළව ටයිම් එකක් ඇලෝකේට් කරගෙන ඇවිල්ලා, මිනිස්සුත් එකතු කරගෙන මේ වැඩේ දුවවන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න. මිහින්තලේ විපක්ෂෙ මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා මගේ අරමුදලින් වැවක් පටන් ගත්තා කියලා ෆොටෝ දානවා. එතකොට අපේ සභාපති දන්නෙත් නෑ, දිස්ත්‍රික්කෙ මන්ත්‍රී දන්නෙත් නෑ, මෙහෙම එකක් කවුද මේ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙකුට දුන්නෙ කියලා අහනවා මගෙන්. මනුස්සයා ඒක ෆේස්බුක් එකේ දාන නිසා තමයි මම දැනගත්තෙත්. දැන් ඒක එවලා මගෙන් අහනවා මේක කොහොමද වෙන්නෙ, මොකක්ද මේ වෙන වැඩේ කියලා. මට උදේ කතා කරලා කියනවා නිධන් හාරන්න මේ වැවක් පටන් අරන් තියෙනවා කියලා, ඕගොල්ලොත් මේකෙ ඉන්නවාද කියලා. එතකොට මොකක්ද කරන්නෙ ? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සභාපතිතුමා මට ඔයිට කලිනුත් ෆොටෝ එව්වා මේ නිධන් හාරන්න ගිහින් තියෙන්නෙ, රජයේ වාහනයක් මේ තියෙන්නෙ කියලා. අපි ඒ පැමිණිල්ල දැන් දාලා තියෙන්නෙ. එතන තියෙනවා නම් පුරාවස්තු මොනවාහරි, එක්කෝ ඒක ගන්න විදියක් හදලා, ඒක පටන් ගන්න ඕනෙ. දැන් ඒක නෙවෙයි වැඩේ. වැව පටන් ගන්නවා ඔක්කොටම කලින්. ඒකෙන් එනවානෙ එතකොට වෙන හැඟීමක්, මේ වෙන වැඩකට තමයි ලෑස්ති වෙන්නෙ කියලා. එතකොට දේශපාලනඥයා බැණුම් අහනවා අපි දැනුවත්ව සද්ද නැතිව ඉන්නවා, අරගොල්ලො වැඩේ කරලා අපිටත් කොටස දෙනවා ඇති කියලා. මග හාරන් යනකොට කිව්වොත් එහෙම නිධන් ටික අරන් ගිහිල්ලා කියලා අපිත් වගකියන්න එපැයි. That’s what I want to mention and draw your attention, when you start a project, programme then there should be a dialogue with the area who are representating the people.”
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී ය.
