නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW:
ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම් තුනක් නම් කර පැවත්වූ විස්සයි විස්ස තරගාවලිය අවසාන මොහොතේදී වර්ෂාව හරස් වී ග්‍රීන් සහ ග්‍රේ තරගයේ තීරණය නොවිසඳිණි.තරගාවලියේ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කළ සහ අපරාජිත කණ්ඩායම වූයේ ග්‍රීන් කණ්ඩායමය.
මේ තරගාවලිය අතිශයින් වැදගත් වූයේ ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන විස්සයි විස්ස කණ්ඩායම ගැන යම් අදහසක් ඇති කර ගැනීමටය.සිම්බාබ්වේ සංචාරය ද ඊට පෙර පැමිණෙන බැවින් සූදානම සඳහා පෙරහුරු තරගාවලියක් ද හිමිය.
තරගාවලිය නිමාවන විට මේ මොහොතේ දක්ෂතා අතර සිටින ප්‍රධාන චරිත තුනක් මතු විය.අවසාන දිනයේ ග්‍රීන් කණ්ඩායම ඉන් චාමික කරුණාරත්න ඇතුළත් කර නොගෙන සිට අතර එම කණ්ඩායමට නායකත්වය දුන් කමිඳු මෙණ්ඩිස් ද ක්‍රීඩා කළේ නැත.ඇතැම් විට එහි අදහස වැසි සහිත තත්ත්වයක ඔවුන්ව ක්‍රීඩා කර ආබාධවලට ලක් නොකිරීම ද විය හැකිය.චාමික කලෙකට පසුව සිය රිද්මයට පැමිණ ඇති බව මේ තරගාවලියේදී සහතික කළේ වැඩිම කඩුලුලාභියා වෙමින් සහ පිත්තෙන්ද දස්කම් දක්වමින්ය.
පිත්තෙන් කැපී පෙණුනම පිතිකරුවන් වූයේ නුවනිඳු ප්‍රනාන්දු සහ කමිල් මිෂාරය.දඟ පන්දු යවන්නන්ගේ ආධිපත්‍ය්‍ය පැතිරි තරගාවලියේ යම් විශ්වාසයක් පළ කරමින් නුවන් තුෂාර සහ ඒෂාන් මාලිංග පන්දු යැවූ බව පැහැදිළි විය.ශ්‍රී ලංකා ක්‍රිකට්,ජාතික කණ්ඩායම තෝරා ගැනීමට අවශ්‍යය දක්ෂතා ප්‍රදර්ශනයට අවශ්‍යය පිටිය සකස් කර එය ප්‍රදර්ශනය කර අවසන්ය.දැක් වූ දක්ෂතා සළකා කණ්ඩායම තෝරා ගැනීමට නිර්භීතව තීරණ ගත යුතුව ඇත්තේ දැන් තේරීම් කමිටුවය.
දුෂාන් හේමන්ත ද බොහෝ විට මේ තරගාවලියේ දී වනිදුගේ සුවපත්වීම හෝ නොවීම කියන කරුණ පදනම් කරගෙන කණ්ඩායමට කැඳවනු ඇතැයි සිතිය හැකිය.සමහර විට මේ සියල්ල පසෙකලා තේරීම් කමිටුව වෙනම න්‍යායක පිහිටා අදහස් දක්වමින් මේ කිසිවෙකු ඇතුළත් නොවන කණ්ඩායමක් තෝරා ගැනීමටත් ඉඩ ඇත.එහෙත් නිමා වූ විස්සයි විස්ස තරගාවලිය තුළ පිටතට පෙණුන දක්ෂතා මත විශේෂිත වූ ක්‍රීඩකයින් අතර නුවනිඳු,චාමික සහ කමිල් මිශාර පෙරමුණේ වන බව පැහැදිළිය.
