මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

Date:

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට හැකිවිය යුතුය යන්න මූලික මිනිස් අයිතිවාසිකමක් බව අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“ඉස්සර ඕගොල්ලන්ට මතක ඇති, හැමතැනම තිබුණේ කහ පාට ගැහුණු හාලක්. බත් කනකොට කටින් කටට ගල් හැපෙනවා, වැලි හැපෙනවා. දැන් එහෙම හාල් වෙළඳපොලේ විකුණන්න බෑ, ඒ නිසා කවුරුවත් එහෙම හාල් දැන් නිෂ්පාදනය කරන්නේ නෑ. ඒ වෙනස කළේ අපි.

ඕකෙදී ව්‍යාපාරය විතරක් නෙවෙයි, ලාභය විතරක් නෙවෙයි. මගේ නම් අදහස මනුස්සයෙකුට හොඳ කොලිටි එකෙන් බත් ටිකක් කන්න ලැබෙන්න ඕනෙ කියන එක මූලික අයිතිවාසිකමක්. ඕවා කොහේවත් ලියවිලා නොතිබුණාට ඒක මූලික අයිතිවාසිකමක් කියලා තමයි මම හිතන්නෙ. අන්න ඒ වැඩේ තමයි අපි කළේ”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...