නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW:
එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ සර්ජි බුබ්කා මීටර් 6.00 ක උසක් පළමුවරට තරණය කළ රිටි පැනීමේ ක්රීඩකයා වන්නේ 1985 වසරේ ජූලි 13 වන දා ය.අද එය ගෙවී වසර 40 ක් වන අතර මේ වන විට රිටි පැනීමේ ලෝක වාර්තාව පවතින්නේ මීටර් 6.29 ක් ලෙස ය.වර්ථමානයේ එහි හිමිකරු වන්නේ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලන්ටිස් ය.
බුබ්කා 85 සිට 93 දක්වා කාලය තුළ මීටර් 6.00 සිට මීටර් 6.15 දක්වා ලෝක වාර්තාව වෙනස් කළ අතර එහිදී වාර්තාව 14 වරක් ඔහුගේ නමට වෙනස් වෙමින් ලියවිණි.එතැන් සිට අද වනතුරු කාලය ගත්විට ඩුප්ලන්ටිස් නමටත් 14 වතාවක් වාර්තාව වෙනස්වෙමින් ලියැවී ඇත.ඩුප්ලනිටිස් නමට පළමුවරට රිටි පැනීමේ ලෝක වාර්තාව ලියැවෙන්නේ 2020 වසරේ වන විට එවර ඔහු පනින ලද උද වූයේ මීටර් 2.17 කි.
බුබ්කා 1985 වසරේ සිට 93 දක්වා රැඟෙන ආ රිටි පැනීමේ ප්රගතිය 6.15 ක් වී, 2014 දක්වා නොසෙල් වී තිබිණ.බුබ්කාගෙන් පටන්ගෙන ඩුප්ලන්ටිස් දක්වා වන වසර 40 ක කාලය තුළ රිටි පැනීමේ ලෝක වාර්තාව වෙනත් අයෙකුගේ නමට ලියැවී ඇති එකම අවස්ථාව වාර්තාවන්නේ ඉහත සඳහන් කළ 2014 වසරේ ය.එවර ප්රංශයේ රිනෝඩ් ලැවිලිනි මීටර් 6.16 ක උසක් පනිමින් රිටි පැනීමේ ලෝක වාර්තාව සිය නමට ලියා ගන්න අතර 2020 දී ඩුප්ලන්ටිස් 2017 ක් උසක් තරණය කරන තෙක් වසර හයක කාලයක් ඔහු එම වාර්තාවේ උරුමක්කාරයා ලෙස උන්නේය.
ඩුප්ලන්ටිස්ගේ පැනීම් දෙස බලන විට ඔහු තව කී වතාවක් මේ වාර්තාව ඔහුගේ නමින් වෙනස් කරනු ඇද්දැයි සිතිය නොහැකිය.ඔහු කවදා හෝ නැවතෙන තැනෙක සිට එම වාර්තාව බොහෝ කාලයක් පවතින්නට ද ඉඩ ඇත.බුබ්කා තැබූ වාර්තාව 93 සිට වසර 21 ක් 2014 දක්වා පැවති අතර ඉනික්බිති ප්රංශයේ රිනෝඩ් විසින් තබන 6.17 ක් වාර්තාව ද 2014 සිට 2020 දක්වා පැවතිණි.
