පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

Date:

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යනු ඇති බවත් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

“පළාත් සභා … ? එහෙම එකක් ඕනෙ ? නැහැනෙ නේ ? ඕනෙයි කියලා හිතනවාද ? නැහැනෙ නේ ? ඔහෙ යන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් තියෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා, ප්‍රාදේශීය සභා තියෙනවා. පළාත් සභා ඕනෙත් නැහැ නෙ. ඔහොම යාවි දැන් ඔය විදිහට”

නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති උතසවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පළාත් සභා මැතිවරණ වසර ගණනාවකින් පවත්වා නොමැති අතර දැනට ඒවායේ බලය ජනාධිපතිවරයා විසින් සෘජුවම පත්කරන ආණ්ඩුකාරවරුන් සතුව පවතී. ඒ අනුව පළාත් සභා මැතිවරණයක් නොපවත්වා ආණ්ඩුකාරවරුන් යටතේම දිගටම පළාත් සභා පවත්වාගෙන යාමට ආණ්ඩුව සූදානමින් සිටින බවක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...