නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වූ විශේෂ විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය අපරාජිව ග්‍රීන් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.කමිඳු මෙණ්ඩිස් නායකත්වය දරන ලද තරගාවලියේ ඔවුන් මුහුණ දුන් තරග හතරෙන් තුනකදීම ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල සාධකයක් ලෙස කැපී පෙණුන චාමික කරුණාරත්න තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණ.
එක් තරගයකදී ඔහුට ලැබුණු පන්දු යැවීමේ අවස්ථාවන් සහ පන්දුවට පහර දීමට ලැබුණු අවස්ථාවන් කෙටි එකක් වූ අතර අවසානයේ ඔවුන් ග්‍රේ කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 23 ක ජයග්‍රහණයේදි චාමිකට පන්දුවට පහර දෙන්නට අවස්ථාවක් උදා නොවුණු අතර එහෙත් පන්දු යැවීමට ලැබුණු අවස්ථාවේදී ලකුණු 24 ට කඩුලු 3 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ දක්ෂතම පන්දු යවන්නා විය.එසේම තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නට ද චාමිකට හැකිවිය.
චාමික තරගාවලියේ පිතිකරුවෙකු ලෙස ඉණිම තුනකට මුහුණ දුන් අතර එම අවස්ථා තුනේම නොදැවී සිටින්නට සමත් විය.එයින් අවස්ථා දෙකකදී ඔහු නොදැවී සිටියේ ලකුණු 40 සීමාව ඉක්මවා යමින්ය.චාමික පන්දු රැකීමේදී ද අඩුවෙන්ම වැරදි කරන ක්‍රීඩකයෙකි.ඒ අනුව තරගාවලිය නිමාවේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට තුන් ඉරියවවෙන්ම කර තිබුණු දක්ෂතා සනාත කිරීම් නිසා චාමිකට එම වටිනාකම හිමි වූ අතර එය තේරුම් කමිටුවට නොපෙණුනා සේ සිටිය නොහැකි දක්ෂතාවයක් බව කිව යුතුය.
චාමිකට තරගාවලියේ වීරයා වීමට තරගයක් ඇති කළ ක්‍රීඩකයා වූයේ නුවනිඳු ප්‍රනාන්දුය.ඔහු ද තරගාවලිය පුරා ජාතික කණ්ඩායම් නායකයා මෙන්ම පුහුණුකරුවා ද අඩුවක් හැටියට පෙන්වා දුන් අංක හතර ස්ථානයේ පන්දුවට පහර දෙමින් තරගාවලියේ සාර්ථකම පිතිකරුවා ලෙස කැපී පෙණුනේ ජාතික විස්සයි විස්ස කණ්ඩායමේ නායක චරිත් අසලංකගේම නායකත්වය යටතේය.
තරගාවලියේ අවසාන තරගයේදී ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් හයේ පහර සහ හතරේ පහර පහ බැගින් එල්ල කරමින් පන්දු 47 දී ලකුණු 77 ක් රැස් කරන ලද කුසල් මෙණ්ඩිස් සහ නොදැවී ලකුණු 49 ක් රැස් කළ සදීර සමරවික්‍රම සහ නොදැවී ලකුණු 42 ක් රැස් කළ කමිඳු මෙණ්ඩිස් විසින් දියත් කළ ඉණිම් නිසා ග්‍රීන් කණ්ඩායම සිය පන්දු ඕවර් 20 නිමා කළේ කඩුලු 4 ක් දැවි ලකුණු 189 ක් ලබමින්ය.
පිලිතුරු ඉණිමට පිවිසි ග්‍රේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ලට පන්දු ඕවර් 6 ක් තුළ ලකුනු 70 ක් එකතු වු අතර හයවන පන්දු ඕවරය යැවීමට කැඳු වූ චාමික කරුණාරත්න ලකුණු 36 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල්ව පිටියෙන් ඉවත් කිරිමත් සමඟ ග්‍රීන් කණ්ඩායමට කොළ එළි දැල්වෙන්නට පටන් ගත්තේය.එහෙත් නිරෝෂන් දිකවැල්ල ආරම්භක සඟයා දැවී ගිය පසුවද තවත් ලකුණු 25 ක් කණ්ඩායමට එක්වන තෙක් කඩුල්ලේ රැදී සිට ලකුණු 50 ක් ලබා සිටියදී තෙවන කඩුල්ල ලෙස දැවී ගියේය.
තරගාවලියේ සාර්තකම පිතිකරු වූ නුවනිඳු නිත්‍ය පන්දු යවන්නෙකු නොවුණ කමිල් මිශාර ඉදරියේ ලකුණු 13 ට දැවි ගිය පසුව පසුපෙළ නම් අතර ලකුණු 21 ක් රැස් කරන්නට සමත් වූයේ නායක චරිත් අසලංක පමණක් වූ අතර පන්දු ඕවර් 20 නිමා වන විට ග්‍රේ ලකුනු පූවරුව කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ව තිබිණ.
