නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

Date:

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව භාරගැනීමට කතානායකවරයාට දෙවරක් සිතීමට සිදුවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් වෙන් කර නොමැති වීම හෝ විෂය පථයක් ගැසට් කර නොතිබීම ඊට හේතුව බව මහානාමහේවා මහතා කියාසිටියි.

පවතින තත්ත්වය මත අදාල විශ්වාස භංග යෝජනාව භාර ගැනීම හෝ නොගැනීම පිළිබදව කතානායකවරයා සිය අභිමතය අනුව කටයුතු කරනු ඇතැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...