උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW:

අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්, උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින්, ඔවුන් අතර කැලඹීමක් ඇති කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

හෙට දිනයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, එම බොරු ප්‍රචාරයන්ට නොරැවටී සාමකාමීව කටයුතු කරන්නැයි එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසීය.

රට පුරා තිබෙන හමුදා කඳවුරු ප්‍රතිශ්ඡඨාපනය කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වූ බවත් , ඒ අනුව මුලතිව් ඔඩ්ඩුසාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු, ශීවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුර ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩපිළි‍වෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වී තිබේ. මෙම හමුදා කඳවුර තුළට අනවසර පුද්ගලයෙන් 05 දෙනෙක් ඇතුල් වී ඇති බවත්, එම පිරිස පළවා හැරීමට හමුදාව කටයුතු කර ඇති අතර , මෙම පුද්ලයින් පලවාහැරීමේදී ඉන් එක් අයෙක් මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ ගිලී මියගොස් තිබේදියේ ගිලී මිය ගිය පුද්ගලයාට යම් පහරදීමක් සම්බන්ධයෙන් යම් යම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී ඇති බවත්, ඒ අනුව එක් සෙබළෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව තවත් සෙබළුන් 02ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. හමුදාව විසින් සිවිල් පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි කියමින් මෙම සිදුවීමේ කරුණු විකෘති කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...