තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

Date:

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඊයේ පස්වරු 04.00ට ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකව පවතියි.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් වර්ජනය ආරම්භ කර තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුව සහ සියලු තැපැල් සහ පාලන කාර්යාල මධ්‍යම රාත්‍රී 12 සිට වර්ජනයට එක්ව ඇත.

තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් 19න් 17ක්ම ඉටුකර ඇති පසුබිමක මෙම වැඩවර්ජනය ඉතා අසාධාරණ බවයි රජයේ පාර්ශවය සඳහන් කළේ.

තැපැල් සේවය වඩා කාර්යක්ෂම කිරීම සඳහා උප තැපැල් ස්ථානාධිපතිවරු 378 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කර කිරීම, තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනමින් බඳවා ගැනීමේ විභාගය ඔක්තෝබර් මුලදී පැවත්වීමට සූදානම්.කිරීම, තැපැල් සේවා නිලධාරී (සීමිත) පුරප්පාඩු 83ක් සඳහා මේ වසර තුළ බඳවා ගැනීමට කටයුතු යොදා තිබීම, තැපැල් සේවාවට රියදුරන් 40ක් බඳවා ගැනීම, තැපැල් සහායකයන් 1000ක් ස්ථිරව පත් කිරීමට සහ ආදේශකයන් 1000ක් ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වීම, තැපැල් ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට අලුතින් ලොරි රථ 10ක් මිලදී ගැනීම, තැපෑලේ පුරප්පාඩු වූ මාණ්ඩලික සහ විධායක තනතුරු 95කට මෙම වසරේදී ස්ථිර නිලධාරීන් පත්කිරීම, තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 400ක ව්‍යාපෘති දියත් කර තිබීම, රුපියල් මිලියන 678ක් වියදමින් මේ වසරේදී නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීම, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/ 2025 මගින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදු කර ඇති අතර ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් ලබාගත යුතු අතිකාල සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් මේ වන විටත් ලබාදී ඇති තිබීම, තැපැල් දෙපාර්තමේන්තු නිලධාරින් සඳහා 40% කට ආසන්න අතිකාල දීමනා හා වැටුප් ද ඉතා ඉහළ අගයකින් වැඩිවීමක් සිදුකර තිබීම, සෙසු දෙපාර්තමේන්තු හා සැසදීමේදී වෙනස් ආකාරයකට පැයකට අතිරේක සියයට 25 හෝ සියයට 50 ක ප්‍රසාද පැය ඇතුළත්ව අතිකාල ගණනය කිරීමට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් උපදෙස් ලබාදීම, ඒ අනුව 2025.04.01 වනදා සිට අතිකාල ගෙවීම් සිදු කළ යුතු අතර 2025 වර්ෂයේ මාර්තු මාසයේ ලබාගත් අතිකාල හා වැටුප් සංසන්දනය කිරීමේදී ඉහළ වැටුප් වැඩිවීමක් හා අතිකාල ගෙවීම් ලැබී තිබීම යන තත්ත්වයන් මැද මෙම වැඩවර්ජනයේ කිසිදු සාධාරණත්වයක් නැති බව තැපැල්පතිවරයා පෙන්වා දෙයි.

මේ අනුව II ශ්‍රේණියේ තනතුරේ සිටින තැපැල් සේවකයෙකු ලබන වැටුප් සහ අතිකාල දීමනාව,

ආරම්භක පියවරේ සේවකයකු 2024 දෙසැ. 31ට ලැබූ වැටුප රු. 32,375යි. 2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීම නිසා නව වැටුප රු.47,808ක් (මසකට රු. 15,433ක වැටුප් වැඩිවීමක්)

වැටුප් වැඩිවීමට පෙර අතිකාල පැය 240ක් ආවරණය කළහොත් 32,375ක අතිකාල දීමනාවක්.

2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීමෙන් පසු එම පැය ගණනට අතිකාල දීමනාව රු.54,650ක් වේ. (මසකට රු.22,275ක අතිකාල දීමනා වැඩිවීමක්) වැටුප සහ අතිකාල වැඩිවීම මසකට රු. 37,708ක්.

I ශ්‍රේණියේ තනතුරේ සිටින තැපැල් නිළධාරියෙකු ලබන වැටුප් සහ අතිකාල දීමනාව,

ආරම්භක පියවරේ සේවකයකු 2024 දෙසැ. 31ට ලැබූ වැටුප රු. 43,480යි. 2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීම නිසා නව වැටුප රු.61,584යි. (මසකට රු. 18,104ක වැටුප් වැඩිවීමක්)

වැටුප් වැඩිවීමට පෙර අතිකාල පැය 240ක් ආවරණය කළහොත් 32,375ක අතිකාල දීමනාවක්. 2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීමෙන් පසු එම පැය ගණනට අතිකාල දීමනාව රු.54,650ක් වනවා. (මසකට රු.31,180ක අතිකාල දීමනා වැඩිවීමක්)

වැටුප සහ අතිකාල වැඩිවීම මසකට රු. 49,284කි.

පවතින තත්ත්වය මත තැපැල් වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබෙන වැඩවර්ජනය ගැන විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් පැවසුවේ “ඔබ වරුවක්, පැය දෙකක්, දිනයක් සේවයට වාර්තා නොකර සිටීම තුළ, තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය පහළ බහිනවා. ඒකෙන් භාණ්ඩාගාරයට වැඩිපුර වැය බරක් පැටවෙනවා. අනාගතයේ දී ඔබට ලබාදීමට නියමිත වැටුප් වැඩිකිරීම් හෝ අතිකාලවලට තමා ආය ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා මේක අසාධාරණ වැඩවර්ජනයක් ලෙස මම හඳුන්වන්න කැමතියි. තැපැල් දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන සේවක පිරිස බඳවා ගනිමින් ඉන්න වෙලාවක, අවශ්‍ය කරන වාහන ලබාදෙමින් ඉන්න වෙලාවක, ඩිජිටල්කරණය සිදුකරමින් ඉන්න වෙලාවක, අවශ්‍ය කරන වැටුප් වැඩිකිරීම් ලබාදෙමින් ඉන්න වෙලාවක, කඩාකප්පල්කාරී ලෙස වැඩවර්ජනයකට යන්න එපා කියන ඉල්ලීම මම සියලු සේවකයින්ගෙන් මම කරනවා.” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...