තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW:

සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලා
ශ්‍රී ලංකාව බංගලාදේශ සංචාරය සඳහා සූදානම් වෙනවා.ඒ අස්සෙ තැන් තැන් වල ඇහෙන කතාන්දරවලින් කියවෙන්නේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේට යන්න ඉස්සෙල්ලා බංගලිදේශය ඉදිරියේ පරාජය වුණා කියන එකයි.ටෙස්ට් හෝ එක්දින ජයග්‍රහණය වෙනුවට නිකංම සමස්තයම බංගලින්ගෙන් කෑවා වගේ කියන එක හරි නැහැ තමයි.ඒත් ඉතිං කියන අය කැමති ඒකටම තමයි
මේ කෑම මිනිස්සු විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට්වලටත් රිදෙන්න වැදිලා තිබුණ බව තමයි පෙනෙන්නෙ.මොකද එහිදී දැකගන්න ලැබුණ දෙයක් තමයි ශ්‍රී ලංකාව සතුව සමබර විස්සයි විස්ස කණ්ඩායමක් නැහැ කියන එක.පැරදිලා හරි එහෙම ගොන්නක් එකතු කරගන්න තේරීම් කමිටු එඩිතර වෙන්න ඕනි වෙලාවක තමයි සිම්බාබ්වේ සංචාරය යෙදෙන්නෙ.


සිම්බාබ්වේට පරාජය වුණා කියන එක විතරක් නෙමෙයි අවමානය.කාට පැරදුණත් කීර්තියක් හිමි වෙන්නෙ නැහැ.ඒ නිසා නොපරිදින ටීම් එකක් හදාගන්න පැරදුණාට ටිකක් කමක් නැහැ කියන එකයි අපේ මතය.ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සඳහා පාර හදලා දුන්නා.කාටත් පේන අවුල ලිහාගන්න මූ දාපන් අරූ එපා කියන කාරණය කියනවට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ල්‍රේක්ෂකයන්ට තමන්ගෙ නැණ පමණින් අවබෝධ කර ගන්න සහ ක්‍රිකට් තේරීම් කමිටුවට කියවාගන්න විවෘත ඉඩක් හදලා දුන්නා.


ඒ ග්‍රීන්,බිලූ සහ ග්‍රේ යනුවෙන් කණ්ඩායම් බෙදා පැවත් වූ විශේෂ විස්සයි විස්ස තරගාවලිය.දැන් වැඩේ තියෙන්නෙ තේරීම් කමිටුව අතේ.විශේන් හැළඹගේ වගේම ලෝකය සොයා කැඳවන විස්සයි විස්ස පන්දු යවන්නා ඒෂාන් මාලිංග වැනි ක්‍රීඩකයින් තමන් සතුය ඇති සුදුසුකම මොහොත සාපේක්ෂව ක්‍රිඩා කරලා ඔප්පු කරලා පෙන්නුවා.චාමික කරුණාරත්න මේ මොහොතේ තමන්ට යළිත් කණ්ඩායමේ දොර විවෘත වූ බව පැහැදිළි කළා.නුවනිදු ප්‍රනාන්දු කණ්ඩායම තුළ ගැටළුවක්ව පවතින අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට තමා සුදුසු බව ඕනවටත් වඩා හොඳින් සනාත කළා.වනිඳු හසරංගගේ හිස් තැනට වඩාත් සුදුසු තමන් බව පෙන්වීමට දුශාන් හේමන්ත කටයුතු කර තිබෙන බවත් කිසි විට අමතක නොකළ යුතුයි


තේරීම් කමිටුවට මේ දස්කම් සහ කණ්ඩායමේ නම් සහිත ක්‍රීඩකයන් ඉවත් කිරීම අතර ගැටළුවක් මතු වෙන්න පුළුවන්.මෙවැනි මොහොතවල් කළමණාකරණය කිරීමට වැදගත්ම නිර්භීතකම සහ තමන්ට අවංක විය යුතු හෘද සාක්ෂිය බව පැහැදිළියි.ඒ නිසා සිම්බාබ්වේ සංචාරයෙන් ඉනික්බිති එන ආසියානු කුසලානයත් ගැන සිතා නිර්භිත සහ හෘද සාක්ෂියට වඩාත් එකඟ වූ තීරණයක් ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුවට හැකි විය යුතුයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...