තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස (17) ආරම්භ කළ මෙම වැඩවර්ජනය ඉතා සාර්ථකව සිදුවන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අත්නොහරින බවත් අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවත් වැඩවර්ජනය නතර කර සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගන්නා ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...