කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

Date:

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව දැනට වගා කටයුතු සිදු නොවන රජයේ ඉඩම් ආශ්‍රිතව කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි ඉකුත් දා සිදුවිය.

කුරුඳු වගාව සඳහා සුදුසු ඉඩම් හා භූමි තෝරා ගැනීම, වගාකරුවන්, අයෝජකයින් හඳුනා ගැනීම, වගා ප්‍රවර්ධනය, වගා කළ යුතු කුරුඳු ප්‍රභේද තෝරා ගැනීම ඇතුළු කරුණු පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීම හා ඉදිරි වැඩසටහන් ක්‍රීයාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.ඩී. පතිරණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහචාර්ය ඩී.කේ.එන්.ජී. පුෂ්පකුමාර, කෘෂිකර්ම ජෛව තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ පී.ඩී.ජි. බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගීවිය.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දොපර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු ආයතනවල දායකත්වය ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්‍රම්ගෙන් හෝ වික්‍රමයක් කළ හැකිද? ශ්‍රී ලංකාවේ පිතිකරණ අසනීපය සනීප කරන්න සංගාගේ සහයකයෙක්

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ...

බදුලු දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසයි!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අද (09) පෙ.ව.11...

සමුගෙන යන ලංකාවේ හිතවතා – කල්මාඩි

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: සුරේෂ කල්මාඩි දිවි සැරිය...

අද (09) දවසේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි සහ ඉතා තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක...