යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේන හා රුසියා ජනාධිපතිවරුන් අතර හමිවිමක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් හා පුටින් අතර ඇලස්කාවේ පැවති සාකච්ජා කිසිදු සම්මුතියකින් තොරව නිමා වීමත් සමඟ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් ඇතුළු යුරෝපීය නායකයින් සමඟ ඊයේ(18)දිනයේදී යුක්රේන යුද්ධයෙන් ඉදිරි ගමන්මඟ සම්බන්ධයෙන්වල මන්දිරයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් මෙම අවස්ථාවේදී යුද්ධය අවසන් නොකළහොත් රුසියාවට දරුණු ප්‍රතිවිපාක පැනවීමට පසුගිය සතියේ දුන් පොරොන්දුව ඉටු කරන්නේදැයි විමසූ විට, ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබුණේ, සටන් විරාමයක් අවශ්‍ය නොවිය හැකි බවත්, එක්සත් ජනපදය යුක්රේනයට විශාල ආරක්ෂාවක් ලබා දිමට් සුදානම් බවත්ය.

මෙහිදී පුටින් පුළුල් සාම ගිවිසුමකට එළඹීමට පෙර සටන් විරාමයක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළ අතර වෙනත් තැනක පෙරමුණ කැටි කිරීම සඳහා නැගෙනහිරින් භූමිය යටත් කරන ලෙස යුක්රේනයෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...