කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර නොමැති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ආණ්ඩුව මුදල් අච්චු ගසා ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජයට මුදා හැරීම ගැන කරුණු දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියාසිටියේය.
සංචිත පාලන කටයුතු තිබෙන්නේ මහ බැංකුවේ වගකීමේ යටතේ වනහෙයින් දැන් ඊට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
”යම් සංවිධානයක් විසින් ඉදිරිපත් කළා ට්‍රිලියන 1.2ක් මිලියන 1200 ගාණක අපේ ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගහල කියල. පළමුවෙන්ම කියන්න කැමති දැන් මේ ක්‍රියාත්මක වෙන වපසරිය ඇතුලේ ආණ්ඩුවට මුදල් මුද්‍රණය කරන්න, අච්චු ගහන්න හැකියාවක් නෑ. ඒ නිසා අපි එහෙම කරලා නෑ. නීතිමය වශයෙන් ඉඩක් නැහැ. හැබැයි සමාජය වැරදි විදිහට තේරුම් ගන්නවා මේ මුදල් අච්චු ගහනවා කියන එක. මුදල් අච්චු ගහනවා කියන්නේ අලුතෙන් නෝට්ටුවක් එනවා කියද නැත්නම් වෙළෙඳපොළට මුදල් ප්‍රසාරණය වෙනවා කියන එකද? ඇත්තටම මුදල් අච්චු ගහනව කියන්නේ වෙළෙඳපොළට නැත්නම් ආර්ථිකයට මුදල් ප්‍රසාරණය වෙනවා කියන එක. මුදල් ප්‍රසාරණය වෙන්නේ කොහොමද? ඇත්තටම මේ මුදල් ප්‍රසාරණය වීමට බලපානවා සංචිත මුදල. ඒක තමයි මහ බැංකුව පාලනය කරන්නේ. මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් ඇතුලේ තියෙනවා පුළුල් මුදල් සැපයුම කියල එකක්. ඒ අනුව එම කටයුතු මේ වෙද්දී පාලනය කරන්නේ, නියාමනය කරන්නේ මහබැංකුව යටතේ. ඒ නිසා ආණ්ඩුව කිසිම ආකාරයකට මුදල් සැපයුම වැඩි කරලා නැහැ. වැරදි තොරතුරු සමාජගත කරපු අයට කියනවා, ඔබට මේ වැරදි තොරතුරු ගැන මහ බැංකුවේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. සති පතා මේ දත්ත එළියට එනවා. රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙනකොටත් විදේශ විනිමය එනකොටත් මහබැංකුවේ වැඩ ගණනාවක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මුදල් අච්චු ගහල නෑ. ඒක සම්පූර්ණයෙන්ම ජනතාව නොමඟ යවන්න කළ අසත්‍ය ප්‍රචාරයක්.” යනුවෙන් හෙතෙම තවදුරටත් අවධාරණය කළේය.
ආශිකා බ්‍රාහ්මණ
