හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු දේපළ පනතට අදාළව 5(1) වගන්තිය යටතේ චෝදනා එල්ල කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මඟින් වික්‍රමසිංහ මහතාව එලෙස අත්අඩංගුවට පත්වන්නේ අද (22) ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදීය.

වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව කැඳවා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙනවිත් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...