දරවලින් ඉව්වාම ආයු රක්ඛංතු ආවඩා – වියත්මගේ වීරසේකරගේ විග්‍රහය (VIDEO)

ගෑස් වෙනුවට දර භාවිතය තුළින් කාන්තාවන්ගේ ආයු කාලය ඉහළ යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

“අද ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ ගෑස් හිඟය සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑම. අපේ මාධ්‍යවලින් ගෑස් පෝලිම්, ඒකෙ දුක, මිනිස්සු රජයට බනින හැටි පෙන්නුවාට විකල්ප විසඳුම් පෙන්වන්නේ නෑ. කාර්යක්ෂම දර ලිප්, කාර්යක්ෂම අඟුරු ලිප්, ජීවවායු ලිප් තියෙනවා. මේවා කිසිවිටෙක මාධ්‍යවලින් හඳුන්වා දෙන්නෙ නෑ. ඇත්තෙන්ම අපි මේ සෘණාත්මක චින්තනයෙන් මිදිය යුතුයි. අපේ රටේ නිලධාරීන් වඩාත්ම නැඹුරු වෙලා තියෙන්නෙ මේ වාණිජමය ඉන්ධනවලට මිසක් දර වලට නෙවෙයි. ඒක නිසා දර සැපයුම සහ භාවිතය ගැන අපි මීට වඩා අවධානය යොමුකළ යුතුයි. නවීන බලශක්ති ඉන්ධන භාවිතා කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලය වසර 80 – 85 යි. නමුත් ලංකාවේ ගෑස් මිලදී ගැනීමට අපහසු දර භාවිතා කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1 යි. ඒ කියන්නෙ ලංකාවේ දර්ශක දකුණු ආසියාවේ ඉහළම තැනට පත්වෙලා තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතුවෙන්නේ නැති බවයි”

සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...