CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

0
5500

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අලුත් විමර්ශන අංශයක් ආ‍රම්භ කරන බව බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසයි.

පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර ඇති අතර මෙම නව විමර්ශන අංශය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.

නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා මේ බව පැවසුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ය.