CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අලුත් විමර්ශන අංශයක් ආ‍රම්භ කරන බව බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසයි.

පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර ඇති අතර මෙම නව විමර්ශන අංශය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.

නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා මේ බව පැවසුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...