දිල්ලියේ අයාලේ යන සුනඛයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි; ශ්‍රේෂ්ඨාධිකරණය සුනඛයන් විදිවලින් ඉවත් කිරීමේ නීති ලිහිල් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 24:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිලියන 35 ක ජනතාවක් සිටින දිල්ලි නගරයේ අයාලේ යන සුනඛනයන් මිලියනය ඉක්මවා ඇති බවට ගණන් බලා ඇති අතර ඔවුන් විෂබීජහරණය කර, එන්නත් කිරීමෙන් අනතුරුව නවාතැන් වලට සීමා කකලයුතු බවටත්, නැවත වීදිවලට නොආ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබු තිබ්දුව ලිහිල්කර තිබේ.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ඉලක්කය වූයේ පවතින සුනඛ ප්‍රහාර සහ ජලභීතිකා රෝගයෙන් ජනතාව, විශේෂයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමයි.

මෙම තීරණය වෙනස් කරමින් අධිකරණය නිවේදනය කර තිබුණේ,සුනඛයන් විෂබීජහරණය කළ යුතු බවත්, එන්නත් කළ යුතු බවත්, පණුවන් ඉවත් කළ යුතු බවත්, ආක්‍රමණශීලී බවක් පෙන්නුම් කරන හෝ ජලභීතිකා රෝගයෙන් පෙළෙන අය පමණක් නවාතැන් වල තබා ගත යුතු බවත්ය. මිට අමතරව සුනඛයන්ගේ සෞඛ්‍යය නිරීක්ෂණය කිරීම සහ මිනිසුන් සමඟ ගැටුම් අවම කිරීම අරමුණු කරගනිමින් ආහාර සැපයීමේ ස්ථාන ස්ථාපිත කරන ලෙස අධිකරණය නාගරික බලධාරීන්ට නියෝග ක

මෙම තීරණය සත්ව සුභසාධන කණ්ඩායම් වක සතුටට හේතු වී ඇති අතර කෙසේ වෙතත්, සුනඛයන් සපාකෑම් අවස්ථා උච්චාවචනය වන අතර එය 2023වසරේදී 17,874 ක් වූ අතර 2024 දී 6,691 දක්වා පහත වැටි තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වසරකට 20,000 ක් දක්වා, ලෝකයේ ජලභීතිකා මරණවලින් දළ වශයෙන් තුනෙන් එකක් ඉන්දියාවෙන් සිදු වන අතර, එය අයාලේ යන සුනඛ කළමනාකරණය ඉතා වැදගත් මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...