රනිල් හිරේට ගියේ දවස් හතරකට.කුණු බඩු ඔක්කොම එකට එකතුවෙලා – වසන්ත මුදලිගේ

Date:

කොළඹ LNW: රනිල් වික්‍රමසිංහ දින 4කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියත් සමඟ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ, පරාජය කරන ලද විපක්ෂයේ කුණු කොටන් සියලු දෙනා එකතු වී සිටින අතර ඔවුන් තවදුරටත් ප්‍රතික්ෂේප කළ යුතු බව ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා පැවසුවේය.

බටලන්ද වාර්තාව, පාස්කු ප්‍රහාරය මෙන්ම මහ බැංකු කොල්ලය යන සිද්ධි හමුවේද රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර ඒවාට අදාළවද ඔහුව අත්අඩංගුවට ගත යුතුව ඇති බවත් එය ඉටුවනතුරුද බලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

”රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ විපක්ෂයේ බොහෝ අය ආවා. කුණු බඩු ටික ඔක්කොම එකතු වුණා. නාමල් රාජපක්ෂ රිලා නැටුම නැටුවා. සජිත් ප්‍රේමදාස ගහන්න ඕන බයිලා ඔක්කොම ගැහුවා රනිල් වික්‍රමසිංහට විරුද්ධව. මේ තමයි සාම්ප්‍රදායික විපක්ෂය. මේ තමයි ඔබ පරාද කරපු දේශපාලන කල්ලි. රනිල්ගේ නම තියෙනවා බටලන්ද වාර්තාවේ. රනිල් ගැන තියෙනවා පාස්කු වාර්තාවේ. ඒ වගේම රනිල් ගැන තියෙනවා මහ බැංකු කොල්ලයේ. මෙන්න මේ තුනට රනිල් නිශ්චිතවම අත්අඩංගුවට ගන්න ඕනේ. අපි බලන් ඉන්නවා ආණ්ඩුව මේක කරනකල්. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්ත එකේ තව විශේෂත්වයක් තමයි රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ විපක්ෂයේ බොහෝ අය ආවා. රනිල් එපා කියල පලු යනකල් බැනපු, රැස්වීම්වල කියපු, රනිල්ට විරුද්ධව ජිනීවා යනවා කියපු, ඒවගේම රනිල් මහ බැංකුව කැඩුවා, රනිල්ව හිරේ දානකම් නින්ද යන්නේ නෑ කියපු කුණු බඩු ටික ඔක්කොම එකතු වෙනවා. ඒ වගේම දැන් පෝලිමට යනවා රනිල් වික්‍රමසිංහව බලන්න බන්ධනාගාර රෝහලට. අපි ජනතාවට කියන්නේ මේ තමයි සම්ප්‍රදායික විපක්ෂය. මේ තමයි ඔබ පරද කරපු දේශපාලන කල්ලි. මේ තමයි ඔබ එපා කියල එළවලා දාපු පරාජිත දේශපාලන කල්ලි. එතකොට මේ අයගේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. වැඩපිළිවෙල වෙනසක් නැහැ. ඔක්කොම එක පාරේ. දැන් ඔක්කොම එක වල්ලේ පොල් ටික, කුණු ටික එකට එකතුවෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ වැඩපිලිවෙලත් එක්කම ඔවුන් පරාද කරන්න ඕනේ කියන යෝජනාව අපි කරනවා. මේ කුණු කොටන් ටික පරාජය කරලම දාන්න. ප්‍රතික්ෂේප කරලම දාන්න.” යනුවෙන් වසන්ත මුදලිගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (23) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...