මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW:

වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස් වසම්වල සිදු කළවැටලීම්වලදී ගන්දර, කපුගම ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පසුගිය තුන් වනදා යතුරුපැදියකින් පැමිණ කපුගම ප්‍රදේශයේ අදාළ නිවසේ රැඳී සිටි පුද්ගලයාට වෙඩි තැබීමට උත්සහ කර තිබෙන බව වාර්තා වේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එම වෙඩි තැබීම විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත සිදු කර ඇති බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...