ඔලිම්පික් කෙරිල්ල සහ ලොස් ඇන්ජලීස් ජනතාවගේ වැටිල්ල පෙන්වා දෙන සංවිධාන පාරට බසියි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW:

ලොස් ඇන්ජලීස් නුවර ඔලිම්පික් උළෙලට මෙන්ම FIFA ලෝක කුසලානය වෙනුවෙන් ද සූදානම් වෙමින් සිටින මොහොතේ කම්කරු කණ්ඩායම් සහ තවත් වෘත්තීය සහ ප්‍රාදේශිය ජනතා සංවිධානවල නියෝජිතයෝ ද ‘නව ගිවිසුමක්’ සඳහා ඔවුන්ගේ ඉල්ලීම් වේගවත් කරමින්, වැඩ කරන ජනතාව සඳහා වන ජීවිත සුරක්ෂිතභාවයට අදාළ කරුණු ගැන අවධානය යොමු කරමින් “සාධාරණ ක්‍රීඩා” යන වචන සමඟ විචිත්‍රවත් ඔලිම්පික් වළලු ඇතුළත් බැනරයක් දිග හැරියහ.


මෙහිදී එක් අවධානයට යොමු කරන ලද පොරොන්දුවක් අත හැරීමේ සිඳුවීමක් ද මේ එක් වූ පිරිස් එක් කර තිබෙන Unite Here Local 11 සංවිධානයේ හි සම සභාපති කර්ට් පීටර්සන් සිහිපත් කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ කාර්ය මණ්ඩලය 17,000 ක් නවාතැන් ගත හැකි ඔලිම්පික් ගම්මානයක් පොරොන්දු වූ බවත්, පසුව ඇන්ජලිනෝස් සඳහා ස්ථිර නිවාස බවට පරිවර්තනය කරන බවටත් වූ එම පොරොන්දුව මේ වන විට අත්හැර දමා ඇති බව පීටර්සන් පවසනවා.


මෙහිදී ක්‍රීඩා උළෙලට එන ආගන්තුකයන්ගේ නවාතැන් පහසුකම් ආදිය වෙනුවෙන් Airbnb මැදිහත් කිරීම ගැන ද මේ උද්ඝෝෂණයේදී විරෝධතාවය ප්‍රකාශ වුණා.එහි යටි අදහස ලෙස මතු වන්නේ නිවාස නොමැති අයගෙ ගැටළු විසදීම,නිවාසවල තත්ත්වය යහපත් කිරීම මෙන්ම දැනටත් ඇති සුළු කුලී නිවාස සංවර්ධනය වැනි කොටස් සම්බන්ධයෙන් අවධානය යොමු කර එවැනි තැන් නවාතැන් ලෙස භාවිතා කරන්නට අවසර දී නගරවැසියන්ට ආධායමක් උපයාගැනීමේ හැකියාව ඇති කරන ලෙස ඉල්ලීමයි.විවිධ ආකාරයෙන් නිවාස ගැටළුවට මුහුණ දෙන ප්‍රජාවගේ යහපත වෙනුවෙන් වන යෝජනා සහ අදහස් සමඟ මෙම සංවිධාන එකමුතව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටින්නේ Airbnb ප්‍රතික්ෂේප කරන ලෙසයි.


එසේම ඔවුන් IOC වෙත සහ LA28 සංවිධානය වෙත නිවාස සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 5 (€bn 4.6bn) දායක වන ලෙස ද බලපෑම් ඇති කරනවා.
එසේම එක්සත් ගොවිපල කම්කරු සංවිධානයේ ලේකම්-භාණ්ඩාගාරික ආර්මන්ඩෝ එලෙන්ස් විමසා සිටින කරුණද වැදගත් කොට සැළකි හැකියි.
මෙවැනි මෙගා ඉසව් ආර්ථික දියුණුවක් පොරොන්දු වුවද, ඒවා සත්කාරකත්වය දරන ප්‍රජාවන්ට දිගුකාලීන ප්‍රතිලාභ ලබා දීමට ඓතිහාසිකව අපොහොසත් වී ඇති බව ඔහු පවසනවා. එය බොහෝ විට අවතැන්වීම් සහ ජීවන වියදම් ඉහළ යාමට හේතු වන බව පෙනවන අර්මන්ඩෝ ඇතුළු පිරිස ක්‍රීඩා උළෙල අවසන් වූ පසු,ලොසු ඇන්ජලීස් වෙත ඉතිරිවන්නේ කුමක්ද යන ප්‍රශ්නය මතු කරනවා.
ප්‍රධාන වශයෙන් මෙහිදී උද්ඝෝෂකයන් නිවාස ඒකක 50,000 ක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන ගණනක ආයෝජනයක්, Airbnb වැනි කෙටි කාලීන කුලියට දීම සඳහා නගරය පුරා තහනමක්, ස්ථාන ගනුදෙනු වටා විනිවිදභාවය වැඩි කිරීම සහ ෆෙඩරල් ආගමන වැටලීම් වලින් සංක්‍රමණික සේවකයින් සහ පැමිණෙන රසිකයින් සඳහා ආරක්ෂාව යන කරුණු අවධාරණය කරමින් එය ලොස් ඇන්ජලීස් 2028 සංවිධානයට සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටත් මැදිහත්ව කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියා.


විවේචනවලට ප්‍රතිචාර වශයෙන්, ඔලිම්පික් සංවිධායකයින් සහ ඔවුන්ගේ ආයතනික හවුල්කරුවන් ක්‍රීඩා උළෙල දේශීය ජනගහනයට සැලකිය යුතු වාසි ගෙන දෙන බව කියා සිටියහ. LA28 හි ප්‍රකාශක ජේසි ප්‍රීටෝ ලෝපෙස් ප්‍රකාශ කළේ ක්‍රීඩා උළෙල “හොඳ වැටුප් සහිත රැකියා සහ ලොස් ඇන්ජලීස් හි වැඩ කරන ජනතාවට සැබෑ අවස්ථා උදා කරන අතර, මෙම නගරය පවත්වාගෙන යන අසල්වැසි ප්‍රදේශ සහ පවුල් වෙත ප්‍රතිලාභ ළඟා කරන බවත් ඇය පවසා සිටියා.”
නිශ්දිතය එම තත්ත්වය සම්බන්ධයෙන් වන සැළසුම් පැහැදිළි නොකළ ප්‍රීටෝ ක්‍රීඩා උළෙල “වැඩකරන ජනතාවට වඩා ශක්තිමත් අනාගතයක්” ඉතිරි කරනු ඇතැයි යන්න විශ්වාසයෙන් ප්‍රකාශ කරමින්, දේශීය වෘත්තීය සමිති සමඟ අඛණ්ඩ සහයෝගීතාවයක් LA28 බලාපොරොත්තු වන බව ද පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...