කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත දැනුම් දී තිබේ.
ඔවුන් කටයුතු කරන අමාත්‍යාංශවලින් ඉන්ධන දීමනාව ලබාගන්නා බැවින් පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවෙන් හිමි ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත වෙත දැනුම්දී ඇති අතර අනතුරුව සෙසු කණ්ඩායමද එම දැනුම් දීම කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
