ධම්මිකගේ පාර්ලිමේන්තු ආගමනයට ජනපතිගේ අනුමැතිය !

Date:

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

එහිදී ධම්මික පෙරේරා මහතා බලාපොරොත්තු වන අමාත්‍ය ධුරය කුමක්ද යන්න පිළිබඳ විමසීමක් සිදුව ඇති අතර තමන්ට එවන් නිශ්චිත විෂය පථයක් අවශ්‍ය නොමැති බවත් සියලුම අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණය කරමින් රටේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලුම දෙනා සමග එක්ව කටයුතු කිරීම තමන්ගේ කැමැත්ත බවත් ඒ මහතා දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව කාර්යභාරයක් නොමැති කැබිනට් අමාත්‍ය ( Cabinet minister without portfolio ) වශයෙන් ධම්මික පෙරේරා මහතාව පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

එමෙන්ම සියලු අමාත්‍යවරුන් සමග එක්ව වත්මන් විදේශ විනිමය අර්බුදයට විසඳුම් වශයෙන් ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කර ඇති යෝජනා සහ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මීට වසර තුනකට පෙර “2030 ශ්‍රී ලංකාව – සංවර්ධිත රටක්” මැයෙන් ඉදිරිපත් කරන ලද ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...