BREAKING NEWS : පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලීසියේ අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෑත කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පාතාල සාමාජිකයින් අතර බැකෝ සමන්, නිලංග සහ කමාන්ඩෝ සලින්ත ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවටත් එතැනින් ඉන්දුනීසියාවටත් පැන ගොස් සිටි මෙම පාතාල කල්ලි සාමාජිකයින්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ඔත්තුකරුවකු විසින් පොලීසියට ලබාදුන් තොරතුරක් අනුව බව ආරංචිමාර්ග පැවසීය.

එම ඔත්තුකරු තවත් ප්‍රබල පාතාලයින් කිහිපදෙනෙකුම පිළිබඳ තොරතුරු ලබාදී ඇති අතර ඔවුන්ව ද නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට කටයුතු සිදුකෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

කෙහෙල්බද්දර පද්මේ මෑතකදී පුවත් මවන්නෙකු බවට පත්වූයේ හිටපු පාතාල නායකයකු වූ ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි මැදිරියක විත්තිකූඩුවක් තුළදීම වෙඩිතබා ඝාතනය කිරීමත් සමග ය. විදෙස් රටක සිට එම ඝාතනය සිදුකරවන ලද්දේ කෙහෙල්බද්දර පද්මේ විසින් බව කියැවිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...