තායිවානයේ රික්ටර් මාපකයේ 6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පනයක් වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක භූමිකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

තායිවානය නිරන්තරයෙන් භූ කම්පන වලට මුහුණ දෙන රටක් වන අතර භූමිකම්පාවේ අපිකේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20 ක් (සැතපුම් 12) පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112 (සැතපුම් 70) ක් ගැඹුරින් වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් තායිවානයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ, භූ කම්පනය හේතුවෙන් මෙතෙක් කිසිදු හානියක් සිදුව නොමැති බවයි.