එක්සත් ජනපද මහජන සෞඛ්‍ය ඒජන්සිය අධ්‍යක්ෂ සුසාන් මොනාරෙස් ධුරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 28:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් රජයේ ඉහල තනතුරු සේවයෙන් පහ කිරීමේ තවත් අවස්ථාවක් වශයෙන් ජාතියේ ඉහළම මහජන සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරියවන සුසාන් මොනාරෙස් ධුරයෙන් පහ ඉවත්කර ඇති බව වාර්තා වේ.

50 හැවිරිදි මොනාරෙස්, ඒජන්සියේ 21 වන අධ්‍යක්ෂවරිය වූ අතර 2023 සෙනෙට් සභාවේ තහවුරු කිරීම සම්මත කළ පළමු පුද්ගලයා විය.

මොනාරෙස් සම්බන්ධයෙන් වොෂින්ටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවලට අනුව, එක්සත් ජනපද එන්නත් ප්‍රතිපත්තිවල පුළුල් වෙනස්කම් වලට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, එක්සත් ජනපද සෞඛ්‍ය ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර් සමඟ ඇති වූ අමනාපකම් ඇය සේවයෙන් ඉවත් කිරීමට හේතු වී ඇති බව කියැවේ.

සුසාන් මොනාරෙස් සේවයෙන් පහ කිරීමට හේතු වශයෙන් ඇයගේ නීතිඥ මාර්ක් සයිඩ් සඳහන් කර තිබුණේ, විද්‍යාත්මක නොවන, නොසැලකිලිමත් නියෝග අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇය සේවයෙන් පහ කිරීමට හේතු වී ඇති බවත්, මෙම තත්වය මහජන සෞඛ්‍ය ආයතන ක්‍රමානුකූලව විසුරුවා හැරීම, විශේෂඥයින් නිහඬ කිරීම සහ විද්‍යාව භයානක ලෙස දේශපාලනීකරණය කිරීම සිදුවන බවත්ය.

දිගුකාලීන ෆෙඩරල් රජයේ විද්‍යාඥවරියක් වන වෛද්‍ය මොනාරෙස් මෙලෙස ධුරයෙන් පහ කිරීමත් සමඟ එය ප්‍රතික්ෂේප කරමින් ජ්‍යෙෂ්ඨ CDC නිලධාරීන් තිදෙනෙකු ඇතුළු අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුද ඉල්ලා අස්වීම් ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...