ක්‍රීඩකයින් රකින සහ සහය කාර්ය මණ්ඩල රකින රක්ෂණ වැඩ පිළිවෙල තෙවන වසරටත් ක්‍රියාත්මකයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු පන්තියේ ක්‍රීඩා සමාජවල ක්‍රිඩකයන්ට සහ සහය කාර්ය මණ්ඩලවලට ලබා දෙන රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රදානය කිරීම ආරම්භ විය. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් සභාපති ෂම්මි සිල්වා මහතාගේ නායකත්වය යටතේ හඳුන්වා දුන් මෙම මුලපිරීම, සුදුසුකම් ලත් සෑම ක්‍රීඩකයෙකුටම සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටම හිමිවනු ඇත.


2023 ඇරඹි මෙම රක්ෂණ වැඩ සටහන යටතේ, සෑම ක්‍රීඩකයෙකුටම හෝ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටම පුද්ගලික අනතුරු ආවරණයක් සහ වෛද්‍ය ආවරණයක් හිමිවේ.මේ සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සුදුසුකම් ලබයි.


ඒ අනුව, 2025/26 වාරයේ දී තරඟ කරන ප්‍රමුඛ ක්‍රීඩා සමාජ 14 ක ක්‍රීඩකයින් 280 දෙනෙකුට සහ කණ්ඩායම් සහායක කාර්ය මණ්ඩලය 70 දෙනෙකුට මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබනු ඇත.
රක්ෂණ ආවරණයක් ලබා දෙන ලදී.
” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසන්නේ,මෙම පියවර හරහා, වෘත්තීයමය වශයෙන් ක්‍රීඩාවේ නියැලී සිටින අපගේ පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලය සඳහා හොඳම පහසුකම් සැපයීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණෙ බවයි.. ඉහළ මට්ටමේ සුභසාධන ප්‍රතිලාභ ලබා දීම ප්‍රමුඛ පෙළේදී ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩක සංචිතයක් පවත්වා ගැනීමට ද මෙය උපකාරයක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...