ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනයට ලැදියාවන් අතර ගැටුමක් හරස් වෙයි ?

Date:

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉතාමත් ඉක්මනින් කැබිනට් අමාත්‍ය ධුරයකට පත්කිරීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණ ද ඊට “සිදුවිය හැකි ලැදියාවන් අතර ගැටුමක්” නිසා ( Potential conflict of interests ) බාධාවක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ධම්මික පෙරේරා මහතා සතුව අති දැවැන්ත ව්‍යාපාර ජාලයක් ඇති අතර, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරක් දරද්දී යම් හෙයකින් ඒ සමාගම් සමූහයකින් එකක් හෝ රජයේ යම්කිසි කොන්ත්‍රාතුවක් ලබාගතහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනු ඇත. මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශ වශයෙන් නඩු තීන්දුවක් ද ඇති අතර මාතර ආසනයෙන් පාර්ලිමේන්තු පැමිණි රක්ෂණ නියෝජිතයකු වූ මන්ත්‍රීවරයකුට ආසනය අහිමි වී තිබුණේ මෙම හේතුව මත ය. එහෙයින් ඒ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයට එම තත්වය දැඩි ලෙස ප්‍රශ්නකාරී වේ.

එමෙන්ම ධම්මික පෙරේරා මහතාගේ සමාගම් ප්‍රධාන වශයෙන් අපනයන කටයුතු සිදුකරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට වන අතර එහිදී එම සමාගම් තම ප්‍රධාන හවුල්කරුවා නිර්දේශපාලනිකව කටයුතු කරන බවට ප්‍රකාශනයක් ලබාදිය යුතු වේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරයකට පත්වුවහොත් එම කොන්දේසිය උල්ලංඝනය වන අතර එය ඒ මහතාගේ සමාගම්වල අපනයන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධාවක් වනු ඇත.

මෙවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නීති විශාරදයින් ගණනාවක් ම මේ වනවිට මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ධම්මික පෙරේරා මහතාට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

ඒ අනුව මෙතෙක් කල් තමන් බිහිකළ ව්‍යාපාර අධිරාජ්‍යය ගැනත් එයින් යැපෙන දසදහස් ගණනක් සේවකයින් ගැනත් සිතා බැලීමට ධම්මික පෙරේරා මහතාට සිදුව තිබේ.

අනෙක් අතින් රජය ද ඒ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මෙතෙක් දැවැන්ත කැපකිරීමක් සිදුකර ඇත.

කෙසේවෙතත් පවතින නීතිමය බාධාව නිසා ධම්මික පෙරේරා මහතා මේ වනවිට උභතෝකෝටිකයකට මැදිව ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලට දින 4 කදී බිලියන 202 ක් අහිමි වෙයි !

පිටපිට සිව්වැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක් ඊයේ (18)...

සෝමවංශ වංශකතාව ….

88 - 89 සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූ පසු...

වැලිවිටිය දිවිතුර සභාවේ බලය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී...

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...