සහල් හිඟයක් තියෙන්න බෑ, මිල වැඩිවුණොත් වැරැද්ද පාරිභෝගිකයින්ගේ – අධිකාරියෙන් නිවේදනයක් !

Date:

පවතින දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සහල් හෝ වී හිඟයක් පැවතිය නොහැකි අතර පරිභෝජනයට අවශ්‍ය සහල් හා වී මෙරට තුළ පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඉන්දීය ණය ආධාර ක්‍රමය සහ වෙනත් ආධාර වශයෙන් රට තුළට සහල් ලැබෙමින් තිබෙන නිසාත් පසුගිය කන්නයේ වී අස්වැන්නෙන් වැඩි කොටසක් ඉතිරිව පවතින නිසාත් තවත් මාස කිහිපයකින් යල කන්නයේ අවස්වැන්න ලැබීමට නියමිත නිසාත් වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවයි එම අධිකාරිය නිවේදනය කරන්නේ.

එසේවෙතත් පාරිභෝගිකයින් විසින් වෙළඳපොලේ පවතින මිලට වඩා වැඩි මිලට වී රැස්කිරීම නිසා අනවශ්‍ය වී හිඟයක් නිර්මාණය වියහැකි අතර එවිට සහල් මෝල් හිමියන් ද වැඩි මිලට සහල් අලෙවි කිරීමේ ප්‍රවණතාවයක් ඇති වියහැකි බව එම අධිකාරිය පවසයි.

එමෙන්ම පාරිභෝගිකයින් සහල් වැඩි වශයෙන් ඕනෑම මිලකට මිලදී ගෙන රැස්කිරීමේ ප්‍රවණතාවයක් ඇති වුවහොත් සහල් මිල ද අනවශ්‍ය ලෙස ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අනවශ්‍ය ලෙස තොග රැස් කිරීමෙන් වළකින ලෙසත් තමන්ට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් මිලදී ගන්නා ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...