රටේ පවතින තත්වය අනුව මේ වෙලාවේ ඡන්දයක් තියන්න බෑ – මැ. කො. ස. (VIDEO)

Date:

රටේ පවතින වාතාවරණය අනුව කිසිසේත්ම මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අවධාරණය කරයි.

“මුදල් විතරක් නෙවෙයි ප්‍රශ්නේ. ඡන්දයක් තියනකොට ඒ ඡන්දය නිදහස් හා සාධාරණ වෙන්න නම් මිනිස්සුන්ට ඡන්දය සාධාරණව පාවිච්චි කරන්න පුළුවන් මානසික වාතාවරණයක් තියෙන්න ඕනෙ. මේ ගෑස් පෝලිම්වල, භූමිතෙල් පෝලිම්වල ඉන්න අයට නිදහසේ තමන්ගෙ හෘදසාක්ෂියට එකඟව තීන්දුවක් ගන්න හැකියාවක් තියෙනවාද මේ ප්‍රශ්නෙත් එක්ක ? එතකොට මේක ලිහිල් කරලා තමයි ඡන්දෙකට යනවා නම් යන්න ඕනෙ. එහෙම මේ තත්වෙන් යන්න බෑ. ඒ වගේම මේ වගේ වෙලාවක මිනිස්සු ඉන්නෙ බොහොම හැඟීම්බරව, නොඉවසිල්ලෙන්. එතකොට ඡන්දෙකදී මේවා මොන පැත්තකට යොමුවෙයිද දන්නෑ. එතකොට සමහරවිට පක්ෂවලින් බාහිරව වෙනම කල්ලි, කණ්ඩායම් බිහිවෙන්න පුළුවන්. එතකොට ඡන්ද පොළවල්වල ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම වුණොත් 1982 ජනමතවිචාරණය, 1982 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය, 1999 වයඹ පළාත්සභා ඡන්දය වගේ වෙන්න පුළුවන්. අපට එහෙම කරගන්න අවශ්‍ය නෑ”

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (09) මැතිවරණ කොමිසම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...