Kunle Adeniyi සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අතර හමුවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW:

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත Kunle Adeniyi මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව ඇත. ඒ මහතා නිල සේවා කාලය අවසන් කිරීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ, මෙම හමුවේදී කුන්ලේ අඩෙනියි මහතා සිය නිල සේවා කාලය තුළ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙත ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය අගය කළ බවයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරිය දැක්වූ නායකත්වය පිළිබඳව ඔහු විශේෂයෙන් සිය ස්තූතිය පළ කළ අතර, අරමුදලේ මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ හවුල්කරුවන් දැක්වූ වෘත්තීයභාවය සහ කැපවීම ද අගය කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි දිගුකාලීන සම්බන්ධතාව අගය කළ අග්‍රාමාත්‍යවරිය, කුන්ලේ අඩෙනියි මහතාගේ නායකත්වය යටතේ සිදු කළ දායකත්වයද අගය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP එක නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වය වපුරනවා – නාමල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : ජාතික ජන බලවේගය...

රජයට රු. කෝටි 12කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : රජයට රුපියල්...

අදත් වෙඩිතැබීමක් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW: ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු...

රාජිත අල්ලස් කොමිසමට!

කොළඹ LNW: අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...