හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම පස්දෙනාගෙන් එක් පුද්ගලයකු පමණක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එසේම මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති අතර වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

කෙසේවෙතත් වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...