05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව නොබෝ දිනකින්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW:

මෙම සතිය ඇතුළත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22 වනදා සිට 27 වනදා දක්වා සිදු කෙරුණු බවයි.

පසුව , එක් එක් දරුවන් ලබාගත් ලකුණුවලට අදාල දත්ත පරිගණක ගත කෙකෙරුණු අතර, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ , එම ප්‍රතිඵල පරික්ෂා කිරීමේ කටයුතු මෙම දිනවල සිදු කෙරෙන බවයි.

2025 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණු අතර, දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවති එම විභාගයට පෙනී සිටි සිසුන් ගණන 307,951කි.

විභාග දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් 20 වනදාට පෙර නිකුත් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරකට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රජයේ වියදම් ඉලක්ක...

ස්මාර්ට් ජංගම දුරකථනයක් නැතිව දින 30ක්? ඔබට ඉන්න පුලුවන් ද?

සටහන – පුලී සැප්තැම්බර් 02, කොළඹ (LNW): අද මේ සටහන...

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් බිම දේශපාලනය පරිස්සමට පාවිච්චි කරන්න

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 02, කොළඹ LNW: යාපනයට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් යන...