05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව නොබෝ දිනකින්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW:

මෙම සතිය ඇතුළත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22 වනදා සිට 27 වනදා දක්වා සිදු කෙරුණු බවයි.

පසුව , එක් එක් දරුවන් ලබාගත් ලකුණුවලට අදාල දත්ත පරිගණක ගත කෙකෙරුණු අතර, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ , එම ප්‍රතිඵල පරික්ෂා කිරීමේ කටයුතු මෙම දිනවල සිදු කෙරෙන බවයි.

2025 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණු අතර, දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවති එම විභාගයට පෙනී සිටි සිසුන් ගණන 307,951කි.

විභාග දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් 20 වනදාට පෙර නිකුත් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...