ඝාතන සිද්ධීන් ද්විත්වයක් ගැන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු පිළිඅරන්!

Date:

කොළඹ LNW: මිද්දෙණිය කඩේවත්ත ප්‍රදේශයේදී අනුර ප්‍රියන්ත හෙවත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ හයහැවිරිදි සහ හත්හැවිරිදි දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සහ මිද්දෙණිය තෝරකොළයාය, තේක්කවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවන් අතරින් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු පාපොච්චාරණය කර ඇතැයි වාර්තා වෙයි.

කජ්ජා නැමැත්තා සහ දරු දෙදෙනා ඝාතන සිදුවීම පසුගිය පෙබරවාරි 18 වැනිදා අනෙක් ඝාතන සිද්ධිය වාර්තා වුණේ පසුගිය මැයි 01 වැනිදාය.

ඒ අනුව කජ්ජා සහ දරුදෙදෙනා ඝාතන සිදුවීම සැලසුම්කර ඇත්තේ බැකෝ සමන් නැමැත්තා වන අතර වෙඩික්කරු සපයා ඇත්තේ තැඹිලි ළහිරු බව සඳහන්.

මිද්දෙණිය තෝරකොළයාය, තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීම තැඹිලි ළහිරු නැමැත්තා සිදුකර් ඇති බවට අනාවරණය කරගෙන තිබේ.

රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පුද්ගලයින් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් මිද්දෙණිය සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට රැගෙන ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ නිවෙස් පරීක්ෂා කර ඇතත් ඔවුන් පලා ගොස් ඇති බව සඳහන්.

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු නැමැත්තා දෙන උපදෙස් අනුව මෙරට ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වුවන් ගිනිඅවි ප්‍රවාහනය, මනුෂ්‍ය ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...