අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් පිරිසකට මහාධිකරණයෙන් නියෝගයක්:නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින්න

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW:

ඉකුත් 2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබ ඇති අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවයි.

ඒ අනුව, නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට නියම කර ඇති අතර, ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව පැවසේ.

  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ...

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...