එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

Date:

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ (1)තීරණය කරනු ලැබූ බව සඳහන් වේ.


කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.


එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයිද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළඹිනැයිද එජාප මහ ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කවීජගේ ශතකය දුවද්දී දැවීම්වලින් පරාජය කළ පසු ආකාශ්ගේ දඟ පන්දුවට අවසාන මොහොතේදී ජයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: බටහිර ඉන්දීය කොදෙව් දූපත්...

චීනයේ මෙතෙක් පැවති විශාලතම ජයග්‍රාහී දින පෙළපාළියේ ෂී, පුටින් සහ කිම් ජොන් උන් එක පෙළට (VIDEO)

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 03:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දෙවන ලෝක යුද්ධයේදී ජපානය...

ලංකාවේ කවුරුත් නොගිය තැනකට රනිත්මා පැමිණෙයි – විරේන්ටත් 58 වන තැන

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන්...

පරිවර්තනීය යුගයකට රට ගෙනියන්න නම් නිවාඩු දවසෙත් වැඩකරන්න වෙයි, පහසුකම් නැති ඔෆීස්වල ඉන්න වෙයි – අගමැති හරිනි

වත්මන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් බොහෝ දුෂ්කරතා යටතේ සේවය කරමින්...