රජයට රු. කෝටි 12කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW :

රජයට රුපියල් කෝටි 12කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ, බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීම සම්භන්ධවයි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නමැති සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

2023 වසරේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් අයුතු ලෙස උපයෝගී කරගනිමින් සැකකරු මෙලෙස බඩඉරිඟු ආනයනය කර ඇති බවයි පැවසෙන්නේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ යම් නිලධාරියකු එම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ බවට කරුණු ඉදිරිපත් වන්නේ නම්, ඔවුන්ද අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර ඇත.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන්ගෙන් සටහන් කරගත් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICCPR සම්මුතිය තියෙන්නේ දේශපාලන පළිගැනීම් සඳහා නොවෙයි – විපක්ෂ නායක

කොළඹ LNW: දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය...

රදවා තැබූ BYD විද්‍යුත් වාහන 506ක් රේගුවෙන් මුදා හැරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : BYD විද්‍යුත් වාහන...

ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමයෙහි ඇතිවිය යුතු ප්‍රතිසංස්කරණයන්!

සැප්තැම්බර් 03, කොළඹ (LNW): හිටපු ජනාධිපතිවරයෙකු මෑත කාලීනව අත්අඩංගුවට ගැනීම...

සංචාරක කාර්යසාධක බලකායක් ස්ථාපිත කරයි!

කොළඹ LNW: සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක්...