NPP එක නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වය වපුරනවා – නාමල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW :

ජාතික ජන බලවේගය නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වය වපුරනවා.- නාමල් රාජපක්ෂ

ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩි සේ හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියා සිටී.

කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.

ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්‍රමවේදය මෙය නම් එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බවත්, පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජය තුළ ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බවත් නාමල් වැඩිදුරටත් කියා සිටියේය..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...