පූජිත් නිදහස්!

Date:

කොළඹ LNW:පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසළදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(03) නියෝග කළේය.

ඒ, එම නඩුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර ඉදිරියේ කැදවූ අවස්ථාවේදීය.

එම සිද්ධියේ සීසීටීවී දර්ශනවලට ඇතුලත් සාක්ෂි ගොනු කළ සීඩි තැටිය පසුගිය නඩු දිනයේ මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොණු තිබුණු අතර නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල සමාදාන වූ බවට පැමිණිලිකරු විසින් ප්‍රකාශයක් ලබා දෙමින් අධිකරණයට දන්වා තිබේ.

2017 වසරේ අප්‍රේල් මස 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම ප්‍රදේශයේ පදිංචි සමරකෝන් බණ්ඩා යන විදුලි සෝපාන ක්‍රියාකරුට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පතිවරායට එරෙහිව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුඅක්රන ලදී.

එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් ලෙස නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Giorgio Armani” නික්ම යයි!

සටහන – පුලී සැප්තැම්බර් 04, කොළඹ (LNW): ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් වන...

පැරිසියේදී සෙලෙන්ස්කි සහ බටහිර නායකයින් අතර සාකච්ඡා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාව සමඟ සාම...

යක්කල ප්‍රහාරය : පෙරටුගාමීන් දැන් අවබෝධ කරගත යුතු දේ ….

යක්කලදි පෙරටුගාමීන්ට එල්ල උන ප්‍රහාරය සම්බන්දයෙන් ආන්ඩුවට විරුද්ධ පිරිස...

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...