ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
මීට අදාළ පත්වීම් අද (සැප්තැම්බර් 03) පෙරවරුවේදී ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කර ඇත.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ ඔවුන් මීට පෙර දැරූ පදවි ඇතුළත් සටහන පහතින් දැක්වේ.
- එස්.එස්.කේ. විතාන මහතා – දිසා විනිසුරු
- ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා – දිසා විනිසුරු
- ඒ.එම්.එම්. රියාල් මහතා – දිසා විනිසුරු
- ඩී.පී.මුදුන්කොටුව මහතා – දිසා විනිසුරු
- එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා – අතිරේක දිසා විනිසුරු
- ජේ. කජනිදීපාලන් මහතා – දිසා විනිසුරු
- ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා – අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
- එච්.එම්.බී.ආර්. විජේරත්න මෙනවිය – අතිරේක දිසා විනිසුරු
- ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා – අතිරේක දිසා විනිසුරු
- ඒ.ඒ. ආනන්දරාජා මහතා – මහේස්ත්‍රාත්
- ජී.එන්.පෙරේරා මහතා – දිසා විනිසුරු
- ඒ. ජුඩේසන් මහතා – දිසා විනිසුරු
- ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය – දිසා විනිසුරු
- ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා – දිසා විනිසුරු
- කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙනවිය – මහේස්ත්‍රාත්
- ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා – දිසා විනිසුරු
- එම්.අයි.එම්. රිස්වි මහතා – දිසා විනිසුරු
- ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ
