වායු දුෂණය ඩිමෙන්ශියා රෝගයට හේතු විය හැකි බව පර්යේෂණ මඟින් සොයා ගැනේ,

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වායු දුෂණය හේතුවෙන් ස්නායු සෛල විනාශ කරන විෂ සහිත ප්‍රෝටීන් පොකුරු සෑදීම හේතුවෙන් ඩිමෙන්ශියා රෝගයක් ඇති කළ හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබේ.

මෙම සොයාගැනීම එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ස්නායු විශේෂඥයෙකු සහ අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශක ආචාර්ය ෂියාඕබෝ මාඕ ඇතුළු කණ්ඩායම විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ වෙනුවෙන් එක්සත් ජනපදයේ මෙඩිකෙයාර් රෝගීන් මිලියන 56.5 ක රෝහල් වාර්තා විශ්ලේෂණය කරන ලද අතර 2000 සිට 2014 දක්වා කාලය තුළ ප්‍රථම වරට ඇතුළත් කරන ලද ප්‍රෝටීන් හානිය පිළිබඳව ඔවුන් සොයා බලා ඇත. රෝගීන්ගේ PM2.5 දූෂණයට ඔවුන් දිගු කාලීනව දුෂිත වායු වලට නිරාවරණ වීම, මිලිමීටරයකින් 2.5 දහසකට වඩා කුඩා වාතයේ අංශු ඇස්තමේන්තු ගත කර ඇත. මේවා ආශ්වාස හරහා මෙනහළු වලට ගැඹුරින් තැන්පත් වන බව හඳුනාගෙන ඇති අතර රුධිර ප්‍රවාහයේ, මොළයේ සහ අනෙකුත් අවයවවල දක්නට ලැබී තිබේ.

මේ සමබන්ධයෙන් විද්‍යාඥයින් සඳහන් කර තිබුණේ, මෙම තත්වය වයස හෝ ජාන විද්‍යාව මෙන් නොව, මෙය අපට වෙනස් කළ හැකි දෙයක් වන බවත්, වාහන වලින් විෂ දුම් පිටවීම නියාමනය, ලැව්ගිනි කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ නිවාසවල දර දැවීම අඩු කිරීම මගින් වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම හරහා ලොව පුරා මිලියන ගණනකට බලපාන ස්නායු පරිහානීය ආබාධය වැළැක්වීම සඳහා සාමුහිකව කටයුතු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...