Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිලන්තය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් වී තිබේ.

එරට පාර්ලිමේන්තුව විසින්, ව්‍යාපාරික ධන කුවේරයෙකු වන  Anutin Charnvirakul අගමැති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව වසර දෙකක් තුළ එරටට පත් වූ තුන්වන අග්‍රාමාත්‍යවරයා ඔහුයි.

තායිලන්තයේ බලවත්ම දේශපාලන රාජවංශයට අයත් Phatthongthaeng Shinawatra, පසුගිය සතියේ එරට ව්‍යවස්ථාමය අධිකරණය විසින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

Phatthongthaeng Shinawatra

ඒ, කාම්බෝජය සමඟ දේශසීමා ආරවුල හැසිරවීම සම්බන්ධයෙන් සදාචාරාත්මක උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව අග්‍රාමාත්‍ය අනුටින්, එම ධුරයට පත්වීම, 2001 දී තක්සින් ෂිනවත්‍රා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට තායිලන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ෂිනවත්‍රා පවුලට සැලකිය යුතු පහරක් එල්ල කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...