පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටියේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් සහ අපේක්ෂකයෙක්

Date:

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී පොලීසිය විසින් ඊයේ (05) සියාගනු ලැබූ අතර ඒවා කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරටට ගෙන්වා ඇති බව බැකෝ සමන් නමැත්තා ප්‍රකාශ කර තිබිණි.

මෙම රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා විසින් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ බැකෝ සමන් මෙම රසායන ද්‍රව්‍ය තම මිතුරන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට හා එම පක්ෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයට තරගවැදි පුද්ගලයෙකුට ලබාදී ඇති බවය.

සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි නමැති ඔවුන් දෙදෙනා සහෝදරයින් බවත් පොලීසිය පැවසීය.

බැකෝ සමන් පසුගියදා මිද්දෙණියට රැගෙන ඒමෙන් පසුව බියවූ අදාළ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා වෙනත් ස්ථානයක තිබූ රසායනික ද්‍රව්‍ය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මෙම ඉඩමට ගෙනැවිත් වළදමා ඇති බවත් ඊයේ දිනයේදී එම ස්ථානයට කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් පොලීසිය පැවසූ අතර වැඩිදුරටත් සඳහන් කළේ මෙම රසයන ද්‍රව්‍ය යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ අතර ඒවා අලෙවි කර රුපියල් කෝටි 200ක් පමණ ඉපයීමට හැකියාව තිබූ බවත් ය.

අදාළ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයාගේ තොරතුරු පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ සටහනක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...

මෙරට සංවර්ධනයට චීන රජයේ සම්පූර්ණ සහය:චීන තානාපති Qizhenhog

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: වත්මන් ජනාධිපති අනුර කුමාර...

එක්සත් ජනපදයේ හයිවුන්ඩායි කම්හලේ වැටලීමකදී සේවකයන් 475 දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ...

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...